මේ ගීයට ඇති කැමැත්ත - TopicsExpress



          

මේ ගීයට ඇති කැමැත්ත නිසාම නැවත එක්කරන්න හිතුනා............ සදවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ නොකියම ඔය හිත උදුරන් යන්නට හිතුනා කෙල්ලේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා... මගේ පාළු ජීවිතේ තනියට තනිකම රැදුණේ ඔය නුහුරු නෙතු බැල්මේ හුරු හිතවත්කම තිබුණේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා... දිගු නීල ඇස් රහසේ ඉගලෙයි නොපෙනෙන මානේ මගේ හීන මට ඕනේ කවදද ඔබ මගේ වෙන්නේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා... සදවත අහසින් වැටිලා...... Title : Sandawatha Ahasin Singer : MG.Dhanushka Lyrics : Saman Edirimuni Music : Udara Samaraweera https://youtube/watch?v=GufJ785M-NY
Posted on: Sat, 29 Nov 2014 12:45:45 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015