~ වැලිවේරියේ අද තත්වය - TopicsExpress



          

~ වැලිවේරියේ අද තත්වය ~ (Weliweriya a year after the military opened fire on people protesting over water pollution.) ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න BBC Sinhala - සංදේශය අවසාන යාවත්කාලීන කිරීම : 2014 අගෝස්තු 2 සෙනසුරාදා - 10:01 GMT වැලිවේරිය නැදුන්ගමුවේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක් මුල් කරගනිමින් නැගුන ජනතා විරෝධය තවමත් අවසන් වී නොමැත. පිරිසිදු පානිය ජලය ඉල්ලා ඉකුත් වසරේ ජුලි මස අවසානයේ සිට සිදු කරන ලද විරෝධතා අවසන් වූයේ තරුණ ජිවිත තුනක් බිලි ගනිමින් සහ තවත් ජිවිත කීපයකට බරපතල හානි සිදු කරමින්. බී බී සී සිංහල සේවයේ ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න වැලිවෙරියේ කරන ලද සංචාරයකින් පසු දැක ගන්න ලැබුනේ ගැටළු ඇතිවූ ප්‍රදේශ කීපයක ජනතාවට නල ජලය ලබා දී ඇති අයුරුයි. මෙහිදී පූජ්‍ය තෙරිපැහ සිරිධම්ම හිමියන් ප්‍රකාශ කලේ මෙතෙක් වැලිවේරියට සාධරණය ඉෂ්ට වී නොමැති බවයි. බහුතර ජනතා මතයද මෙයම වූ අතර වැඩිදෙනෙක් සංදේශය සමග කතා කිරීම පවා ප්‍රතික්ෂේප කළහ. ඉකුත් වසරේදී හමුදා වෙඩි තැබීමෙන් මිය ගියේ යැයි සැක කරන අකිල දිනේෂ් ගේ වර්ෂ පුර්ණ සිහි කිරීමද යෙදී තිබුණද අකිලගේ සොහොන් කොතේ මලක් තැබූ හෝ පහනක් දැල්වූ සෙයක් හෝ දක්නට නොතිබුණි. මේ ප්‍රහාරයේදී මියගිය වැලිවේරියේ අකිල දිනේෂ් ගේ හෝ ශාම්ලී රවිශාන් ගේ නිවාස වල මේ දෙදෙනාගේ ඥාතීන් කිසිවෙකු ද දිනයේ දකින්න නොසිටියහ. උපුටා ගැනීම : bbc.co.uk/sinhala/sri_lanka/2014/08/140801_weliweriya_anniversary_video.shtml #Waliweriya #WaliweriyaAttack #Dinamina #Silumina #SLBC #Rupavahini #ITN #SriLanka #MahindaRajapaksa #Army #SLArmy #StateTerror #Democracy #Justice #FreedomofSpeech #Revolution ●▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬● #Tharindu_Dushyantha_Perera #wtdperera ●▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬● ▉▉▉▉▉▉▉▉▉▉▉▉▉▉▉▉▉▉▉▉
Posted on: Mon, 04 Aug 2014 11:20:49 +0000

Trending Topics



>

Recently Viewed Topics




© 2015