12 Years a Slave සැබෑ සිදුවීමක් - TopicsExpress



          

12 Years a Slave සැබෑ සිදුවීමක් සිනමාත්මකව ජීවමාන කිරීමේදී නිර්මාණකරුවා සහ රංගන ශිල්පීන්ගේ සාර්ථකත්වයේ උපරිමය පෙන්නුම් කරන චිත්‍රපටයක් ලෙසට හැඳින්විය හැකියි. අභිමානවත්ව ජීවත් වූ සංගීතඥයෙකු වැනි සොඳුරු මිනිසෙකුට සිදුකල මේ සාපරාධී ක්‍රියාව කතන්දරයක් ලෙසට රූපමය වශයෙන් ලොවට පෙන්වීම, චරිතාපදානයක් ලෙසට සිදුකල උසස් කර්තව්‍යයක්ද වනවා. වසරේ හොඳම චිත්‍රපටය ලෙසට සම්මානයට පාත්‍රවීම සර්ව සාධාරණයි. එමෙන්ම Lupita Nyongo රංගන ශිල්පිනියක් ලෙසට චිත්‍රපටයට දක්වා තිබෙන අසීරු දායකත්ව‍ය වෙනුවෙන් ඇයට ඉටුවූ මනා සාධාරණත්වය සම්බන්ධයෙන් Oscar සම්මාන උලෙළට ස්තුතිවන්ත විය යුතුයි. නමුත් ඇතුලත්වන අතිශය සංවේදී දර්ශන හේතුවෙන් නම් චිත්‍රපටය නැරඹීමේදී මට මහත් අපහසුවක් ඇති කලා. මට පිහිටා තිබෙන මානසික මට්ටමට අනුව මෙවැනි වේදනාකාරී දර්ශන ගෙනදෙන්නේ කම්පනයක්. ඒ හේතුව නිසාම 12 Years a Slave යනු නැරඹූ හොඳ චිත්‍රපටයක් පමණක්ම වන අතර කිසි දිනෙක මෙය දෙවන වතාවට නරඹන්නේත්,මගේ ප්‍රියතම චිත්‍රපට ගොන්නට එකතුවන්නේත් නැහැ. එමෙන්ම ආසවෙන් නැරඹූ යමක් තිබුනා නම් ඒ අවසන් විනාඩි කිහිපයම පමණක්ම වුනා. විශේෂ ලක්ෂණ‍යක් විදිහට Benedict Cumberbatch සහ Brad Pitt චිත්‍රපටයට හොඳ අලංකාරයක් එකතු කර තිබෙනවා. සුවිශේෂී සිනමා චරිතයක් ලෙසට Chiwetel Ejioforගේ රංගනය සෑහීමකට පත් වෙන්නට හැකි එකක් වුනත් Michael Fassbender සෑහෙන්න ඉදිරියෙන් තිබෙන බවකුයි දැනුනේ.
Posted on: Fri, 07 Mar 2014 16:45:38 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015