1915 ජනවාරි මාසේ දවසක්. එවකට - TopicsExpress



          

1915 ජනවාරි මාසේ දවසක්. එවකට ලෝකේ ලොකුම සහ බලවත්ම නාවික හමුදාවේ නැවු 100 කට වඩා ස්ංඛ්‍යාවක් එවකට ලොව දැක ඇති විශාලතම මෙහෙයුමට සූදානම් වෙනවා. මේ මෙහෙයුම සැලසුම් කරන්නේ සහ මෙහෙය වන්නේ ඉතාමත් දක්ශ තරුණයකු විසින්. පළමු ලෝක යුද්ධයේ ජර්මනිය සහ සටන් වැදී සිටින රුසියානු හමුදා සඳහා අමතර ආධාර ලබාදී නැගෙනහිර පෙරමුනෙන් ජර්මනියට කඩාවැදීම මෙම මෙහෙයුමේ අරමුණ වුනත් ඉතාම අවාසනාවන්ත අයුරින් ඔටමන් අධිරාජ්‍ය(Ottoman empire) ප්‍රමුඛ හමුදා ඔවුන්ට පරාජය කැඳවන්නේ 56,000 පමන පිරිසක් මරාදමමින් සහ 200,000 කට අධික පිරිසකට තුවාල හෝ අතුරුදහන් කරවමින්. අන්ත පරාජයකට පත්වෙන මෙම මෙහෙයුම හමුවේ අපේ මේ තරුණයාව ඔහු දැරූ ඉහල නිලයෙන් පහ කර ගෙදර යවනවා. නමුත් ඉන් නොසැලෙන ඔහු ඉතාම පුදුම විදිහට යලිත් සාමාන්‍ය සොල්දාදුවෙක් විදිහට යුධ පෙරමුණට යන්න තීරනය කරනවා. පසුකාලීනව සාහිත්‍ය සඳහා වූ නොබෙල් සාම ත්‍යාගය පවා හිමිකරන්නා මේ තරුණයා කවුද? ඔහුව තනරුරෙන් ඉවත් කිරීමට හේතුවන යුධ මෙහෙයුම කුමක්ද? ඔහු එවකට දැරූ තනතුර කුමක්ද?
Posted on: Sun, 03 Aug 2014 16:30:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015