2012/2013 අධ්‍යයන වර්ෂයේ වර්ණ - TopicsExpress



          

2012/2013 අධ්‍යයන වර්ෂයේ වර්ණ ප‍්‍රදාන උළෙල කැලණිය විශ්වවිද්‍යාලයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ ශාරීරීක අධ්‍යාපන අංශය සහ ක‍්‍රීඩා සංගමය එක්ව සංවිධානය කළ 2012/2013 අධ්‍යයන වර්ෂයේ වර්ණ ප‍්‍රදාන උළෙල 2014 නොවැම්බර් මස 17 වන දින පස්වරුවේ උපකුලපති මාහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ශ‍්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්විණ. මෙම අධ්‍යයන වර්ෂය තුළ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ දක්ෂතා දැක්වූ විද්‍යාර්ථීන් 287 දෙනෙක් ඇගයීමට ලක්කෙරිණ. සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා, විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එන්. ඒ. කේ. පී. ජේ. සෙනෙවිරත්න මහතා, පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය කුලසේන විදානගමගේ මහතා, ක‍්‍රීඩා උපදේශක මණ්ඩලයේ සභාපති එස්. ආර්. ඞී. කාලිංගමුදලි මහතා ඇතුළු ක‍්‍රීඩා උපදේශක මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, වැඩ බලන ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ ජී. ජී. යූ. සමන් කුමාර මහතා ඇතුළු ශාරීරික අධ්‍යාපන අංශයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් රැුසක් සහ අනුග‍්‍රාහක බවතුන් මෙම අවස්ථාවට සහභාගී වූහ. The Colours Night of the University of Kelaniya for 2012/2014 The Annual Colours Awarding Ceremony for 2012/2014 of the University of Kelaniya, which was jointly organized by the Department of Physical Education and the Sports Council of the University of Kelaniya, was held on the 17th of November, 2014 at Dharmaloka Hall, under the patronage of Prof. Sunanda Madduma Bandara, the Vice-Chancellor of the University of Kelaniya. This year, 287 undergraduates were awarded colours for their outstanding achievements in sports. This event was graced by Prof. A.H.M.H. Abeyrathne, Dean- Faculty of Social Sciences; Prof. N.A.K.P.J. Seneviratne, Dean-Faculty of Sciences; Prof. Kulasena Vidanagamage, Dean-Faculty of Graduate Studies; members of the Sports Advisory Board, including its Chairman, Prof. S.R.D. Kalingamudali; members of the academic staff; members of the Department of Physical Education including Mr. G.G.U. Saman Kumara and the sponsors of this event.
Posted on: Wed, 19 Nov 2014 02:57:30 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015