♣♣♣♣ Almost Human (2013 ) ♣♣♣♣ Almost Human - TopicsExpress



          

♣♣♣♣ Almost Human (2013 ) ♣♣♣♣ Almost Human (2013 ) දී පටන් ගත්ත මෙම කතා මාලාව ඇමරිකානු විද්‍යාත්මක, අපරාධ ගණයට වර්ග කරන්න පුලුවන් සුපිරි කතා මාලාවක් මෙම කතා මාලාව IMDb Ratings 8.6 ක් අරගෙන තියනවා කතාව ගැන කියනවානම් ඇමරිකාවේ FOX රූපවාහිණී නාලිකාවේ 2013 නොවැම්බර් 17 වෙනිදා තමයි පළවෙනි කොටස විකාශයට පත්වුනේ. මේ කතාමාලව නිර්මාණය කරලා තියෙන්නේ J’H’ Wyman කියන කෙනා Bad Robot Productions කියන ආයතය සහ Warner Bros. Television කියන ආයතනය වෙනුවෙන්. පළවෙනියටම මේ කතාමාලාව ප්‍රදර්ශණය කරන්න නියමිත තිබ්බේ මේ අවුරුද්දේ නොවැම්බර් 4 වෙනිදා. කොහොම හරි සති දෙකකට කලින් Fox නාලිකාව ප්‍රකාශ කරා 17 වෙනිදා පලවෙනි කොටස ප්‍රදර්ශණය කරලා දෙවෙනි කොටස 18 වෙනිනා ප්‍රදර්ශණය කරන්න. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. ජෝන් කියන්නේ රහස් පරීක්ෂකවරයෙක්. ඔහු යම් මෙහෙයුමක් කරනවා ඉන්සින්ඩිකේට් කියන කණ්ඩායමට එරෙහිව. ජෝන් තමන්ගේ කණ්ඩායමත් එක්ක ඔවුන්ට ප්‍රහාරයන් දියත් කරන්න යද්දී ඉන්සින්ඩිකේට් අය දැනගන්නවා ඔවුන් එන බව. ඉතින් ඔවුන් සැඟවී ඉදලා ජෝන් ඇතුලු කණ්ඩායමට ප්‍රහාරයන් එල්ල කරනවා. මේ හේතුව නිසා ජොන්ගේ මුලු කණ්ඩායම විනාශ වෙනවා. ඒ වගේම ජෝන්ට එක පාදයක් අහිමි වෙන අතරම ජෝන් අවුරුදු දෙකක කෝමා තත්වයකට පත්වෙනවා. මේ කෝමා තත්වයෙන් මිදුනාට පස්සේ මොහුට සිදුවුන යම් යම් දේවල් මතක නැහැ. මේ හේතුව නිසා ඔහු යම් ආකාරයකින් මොහුගේ මතකය නැවත ලබාගන්න උත්සාහ කරනවා. ඒ අතරතුර නැවතත් පොලිසියට බැදෙන්න කියලා ආරාධනාවක් ලැබනෙවා. මොහු පොලිසියට බැඳෙනවා. ඉතින් ඔය අතරතුර මේ ජෝන් කෝමා තත්වයේ හිටපු අවුරුදු දෙක අතරතුර පොලිසියේ වෙනස් වීම් කිහිපයක් වෙලා තියෙනවා. ප්‍රධානම දේ තමයි සහයකයින් විදිහට ලබාදුන්න මිනිසුන්ව අයින් කරලා එක පරීක්ෂක කෙනෙක්ට ලබාදෙන්නේ සහයකයෙක් විදිහට රොබෝ පොලිස් භටයෙක්. ඉතින් මොහුට ලබාදෙන පොලිස් නිළදාරියා හොඳ නැති නිසාවෙන් වාහනේ යන ගමන් වාහනෙන් එලියට තල්ලු කරලා වාර්තාව බොරුවට හදනවා මෘදුකාංගයන් වල ගැටළුවක් නිසා ඔවු වාහනෙන් එලියට වැටුනා කියලා. මේ හේතුව නිසා ඔහුට අලුත් සහයකයෙක් ඕන වෙනවා. රූඩි කියන්නේ ඔහුගේ තාක්ෂණික හවුල් කාරයා. ඔහු ගාවට යන්නේ අලුත් හවුල්කාරයකේ හොයාගන්න අදහසින්. එතනදී රූඩි මොහුට ඩොරියන් කියන සහයකයාව හඳුන්වලා දෙනවා. ඔහුව අවුරුදු හතරක්ක්‍රියාත්මක නොකර තිබිල තියෙනවා. ඒ වගේම අනිත් රොබෝවරුන්ට වැඩිය මොහු විශේෂසයි. මොහුට හදවතක් තිබෙනවා. අනිත් අයගේ දේවල් දැනෙනවා. ඒ අතින් මොහු විශේෂයි. ඉතින් මොහුත් සමඟ වැඩ කරන අතරතුර ජෝන්ට දැනගන්න ලැබෙනවා ඉන්සින්ඩිකේට් කන්ඩායම ජෛව ක්‍රමලේඛනයන් වගයක් හොරකම් කරලා කියලා. මේ නිසාවෙන් මොහු මේ පිටුපස්සෙන් පන්නන්න ගන්නවා. නමුත් මේ කිසිකෙනෙක්ට නොදැන අයුරින් ඇතුලතින් මොවුන්ට විරුද්දව වෙනත් කුමන්ත්‍රණයක් දියත් වෙනවා. ඒ මේ හැම පොලිස් භටයෙක්ම ඝාතණය කරන්න. මේ හේතුව නිසා ජෝන් ට සිදුවෙනවා මුලු පොලිස් බල ඇණියම ආරක්ෂා කරගන්න. නමුත් ඔහුට ඒක කරන්න වෙන්නේ තමන්ගේ මතකය උපයෝගී කරගෙන. බලන්න කොහොම මේ පොලිස් නිළධාරීන්ව ජෝන් සහ ඩොරියනුයි එකතු වෙලා කරන ක්‍රියාදාමය… ඉතින් ආරම්භය හැටියට ඔය ඇති හොඳටම. තාක්ෂණය, ක්‍රියාදාම පිරුණු, ත්‍රාසය, භීතිය කැටිකරගත් ටෙලි වෘතාන්තයක් තමයි මේක ලිපිය – Chalidhu Deshan මේ කතාව Action | Crime | Drama යටතේ වර්ග කරන්න පුලුවන්... • COMPLETE 1 Seasons In 1DVDs Rs:125 ONLY. • AVI Files. • Detail Links - imdb/title/tt2654580/?ref_=plg_rt_1 • Islandwide FREE Delivery. මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න. Complete 1 Season Rs: 125/= only වැඩි විස්තර: lkshop.info/ facebook/LkShopes lkshop.info/2014/03/almost-human.html
Posted on: Sun, 16 Mar 2014 17:05:36 +0000

Recently Viewed Topics




© 2015