Democratic Party - Sri Lanka "9 වසර පාස් - TopicsExpress



          

Democratic Party - Sri Lanka "9 වසර පාස් නැති ඇමතිවරු ඉන්නවා..!!! - ප්‍රජාතන්වාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා "අපටත් තිබුණා ළඟදි ආණ්‌ඩුවට පැන්න එක්‌කෙනා වගේ ආණ්‌ඩුවට පැනලා තාන්න මාන්න පදවි වරප්‍රසාද ලබන්න. ඔය ආපු එක්‌කෙනාට වඩා අපට ලොකු පිළිගැනීමක්‌, ලාභ ප්‍රයෝජන ගන්න අපට තිබුණා. අපිට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් පවා තනතුරු ගන්න ආරාධනා තිබුණා." මේ දැන් ආණ්‌ඩුවට එකතු වෙනවා කියලා කිව්වොත් අපිට ඉහළම ඇමැතිකම් ගන්න පුළුවන්. අද ජනතාවට විකල්ප දේශපාලන ක්‍රමයක්‌ අවශ්‍යයි. අද අපි යන යන තැන ජනතාව කතා කරන්නේ මේ වෙනසක්‌ විය යුතු කාලය කියලයි. අවුරුදු ගාණක්‌ අපි රැවටුණා ඇති. ජනතාවට වේල් තුනක්‌ තියා එකක්‌වත් කන්න නෑ. පරිප්පු සුඛෝපභෝගි ආහාරයක්‌ වෙලා. ජනතාව දුක්‌ විඳිනවා. හැම තැනකම දකින්න ලැබෙන්නේ බලාපොරොත්තු කඩවුණු මුහුණු. මේ නිතර දකින මුහුණුවල සතුටක්‌ නෑ. ජනතාව පීඩාවට පත්වෙලා. පාර්ලිමේන්තුවේ ඉන්නේ "9" වසරවත් පාස්‌ නැති මැති ඇමැතිවරුන්. මේ ඇමැතිවරු තමයි ආර්ථිකය ගැන කතා කරන්නේ. සමහරුන්ට ග්‍රීසියේ දූපත් පවා මිලදී ගන්න මුදල් තිබුණට ජනතාව යන එන මං නැති තැනට පත්වෙලා. අපි ළඟ ප්‍රසිද්ධ ජනප්‍රිය මුහුණු නෑ. අපි ළඟ ජනතාවට ආදරය කරන වැඩ කරන්න කැපවුණු පිරිසක්‌ ඉන්නවා. ඔවුන්ගේ ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණයයි.
Posted on: Tue, 30 Jul 2013 06:47:32 +0000

Trending Topics



g-this-again-today-for-the-extended-family-who-didnt-catch-topic-10152109273483457">Sharing this again today for the extended family who didnt catch
The Avett Brothers - Winter In My Heart It must be winter in my

Recently Viewed Topics




© 2015