Dragon Hunters (2008) | මකර දඩයම්කරුවෝ - TopicsExpress



          

Dragon Hunters (2008) | මකර දඩයම්කරුවෝ ලෝකය බේරාගනීද? [සිංහල උපසිරැසි සමඟ] 2008 මාර්තු 26 වනදා ප්‍රථම වරට ප්‍රංශයේදී තිරගත වීම ආරම්භ කළ Dragon Hunters මිනිත්තු 80ක කථා කාලයක් සහිත ප්‍රංශ චිත්‍රපටයක්. IMDb අගය 6.6/10 ක් ලෙස ලබාගෙන ඇති මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Arthur Qwak සහ Guillaume Ivernel ගෙනි. Futurikon ඉදිරිපත් කිරීමක් ලෙස තිරගත වුණු මෙම චිත්‍රපටයේ කතාව ගැන සාරාංශයක් මෙන්න. වර්ල්ඩ් ගොබ්ලර් නම් දරුණු මකරෙකුගේ බලපෑමෙන් විනාශ වි යන ලෝකය බේරගන්න සිදුවෙනවා, කුලියට මකරු දඩයම් කරන යාළුවෝ දෙන්නෙකුට. ලියන්-චූ සහ ග්විස්ඩෝ. මේ වැඩේ මෙයාලට කරන්න වෙන්නේ මාළිගාවේ පුංචි කුමාරිකාව වන සෝයිගේ මැදිහත්වීම නිසා. චිත්‍රපටය ආරම්භ වන්නේ වර්ල්ඩ් ගොබ්ලර්ට බියෙන් පලා යන පුංචි ලියන්-චූගෙන්. තමන්ගේ සිහින ගොවිපළ සැබෑවක් කරගන්න අවශ්‍ය කරන මුදල් වෙනුවෙන් වර්ල්ඩ් ගොබ්ලර්ව විනාශ කිරීමේ අවදානම් වැඩේ ලියන්-චූ බාරගන්නවා. ඒ යන ගමනට සෝයිද එක්වන්නේ ග්විස්ඩෝගේ කැමැත්තකින් තොරව. මේ වික්‍රමාන්විත ගමනේ අත්දැකීම් ලබාගැනීමේ අරමුණින් එයට එක්වන සෝයිට භයානක අත්දැකීම් රැසකට මූණ දෙන්න සිදු වෙනවා. ලෝකය අවසානයේ තමන්ගේ නවාතැන සාදාගෙන සිටින වර්ල්ඩ් ගොබ්ලර්ව අවසානයේදී මේ අයට හමු වෙනවා. එතනින් එහාට වෙන කතාව මම කියන්න යන්නේ නැහැ ඔයාලම බලන්න. #Yazhodha #baiscopelk #Dragon_Hunters #SinhalaSubtile #Animation
Posted on: Sat, 03 Jan 2015 12:36:29 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015