John Carter (2012) | ඔහු අඟහරු ජය - TopicsExpress



          

John Carter (2012) | ඔහු අඟහරු ජය ගනීද? [සිංහල උපසිරැසි සමඟ] John Carter. 2012 වසරේ මාර්තු 09 වනදා ඇමෙරිකාවේදී තිරගත වීම ආරම්භ කළ ජෝන් කාටර් චිත්‍රපටය Walt Disney Pictures වෙනුවෙන් අධ්‍යක්ෂණය කළේ Toy Story, Finding Nemo වැනි ලෝ ප්‍රකට චිත්‍රපටවලට සම අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් දායක වුණු Andrew Stanton විසින්. Edgar Rice Burroughs ගේ “බාර්සූම්” නම් නවකථා මාලාවේ පළමු පොත වන “A Princess of Mars” ග්‍රන්ථය පාදක කොටගෙන නිර්මාණය වුණු මෙම චිත්‍රපටය ඉදිරිපත් කෙරුණේ ඇමෙරිකානු විද්‍යාප්‍රබන්ධ හා ක්‍ර්යාදම චිත්‍රපටයක් ලෙසයි. Jim Morris, Colin Wilson, Lindsay Collins විසින් නිෂ්පාදනය කළ මෙහි ප්‍රධාන චරිත දෙක වන John carter ගේ චරිතය සඳහා Taylor Kitsh සමඟ Dejah Thoris ගේ චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ Lynn Collins. මීට අමතරව අනෙකුත් ප්‍රධාන චරිත සඳහා Willem Dafoe, Mark Strong සහ Smantha Morton යන නළු නිළියන් දායක වෙලා තියෙනවා. Michael Giacchino විසින් සංගීත නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 132ක්. ඇමෙරිකානු ඩොලර් මිලියන $250 ක වියදමින් නිර්මාණය වූ මෙම දැවැන්ත නිර්මාණයේ Box office ආදායම $284,139,100. මෙහි IMDb අගය 6.6/10 ක් ලෙස දැක්වෙනවා. චිත්‍රපටයේ අන්තර්ගත කතාව ගැන මම කෙටියෙන් විස්තර කරන්නම්. 1868 වසරේ දකුණු ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ අශ්වාරෝහක බලඇණියක දක්ෂ එහෙත් දඩබ්බර නිලධාරියෙකු වන ජෝන් කාටර් තම ඉහළ නිලධාරීන්ගෙන් පලා යන අවස්ථාවක තමන් කාලයක් තිස්සේ සෙවූ රත්තරන් ගුහාවට ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙනවා. එහිදී ඔහුට බලාපොරොත්තු නොවන ආකාරයේ අකරතැබ්බයකට මුහුණ පාන්න සිදු වෙනවා. අත්වැරදීමකින් අඟහරු ලෝකය වෙත යැවෙන ජෝන් කාටර් එහි සිටින තර්න් නම් ගෝත්‍රික පිරිසකගේ සිරකරුවෙක් බවට පත් වෙනවා. බාර්සූම් ලෙසින් හැඳින්වෙන අඟහරු ලොවේ, ප්‍රධාන පාලක ගෝත්‍ර දෙක වන සෝඩැන්ගා වරුන්ගේ හා හීලියම් වරුන්ගේ යුද්ධයට මැදි වීමට ජෝන කාටර්ට සිදු වෙනවා. එයට හේතු වන්නේ හීලියම් රජුගේ දියණිය වන ඩීජාහ් තෝරීස්ගේ බලපෑමයි. අඟහරු ලොවේ යුද්ධය ජය ගැනීමට ජෝන් කාටර්ට හැකිවෙයිද? ඔහු නැවතත් පෘථිවියට පැමිණෙන්නට හැකිවෙයිද?.. අඟහරු ලොව කුමරියගේ අතගැනීමට ඔහුට හැකිවෙයිද?.. මේ ප්‍රශ්නවලට පිළිතුරු දැනගන්න නම් ඔයාලට මේ ච්ත්‍රපටය බලන්නම වෙනවා….. #Yazhodha #baiscopelk #johnCarter #SinhalaSubtitle
Posted on: Sat, 03 Jan 2015 12:24:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015