My dear friends. take a minute from your valuable time, and - TopicsExpress



          

My dear friends. take a minute from your valuable time, and watch this video,as well as be kind to Hit a LIKE to this video on YOU TUBE. with our likes, they can mention our Nations name on the cyber. so, lets go. .. this is the time for it . Google සමාගම විසින් සංවිධානය කරනු ලබන GBG Success Stories තරගය සඳහා ඉදිරිපත් වූ ලොව පුරා රටවල් 60කට ආසන්න තරගකරුවන් 317ක් අතුරින් අවසන් තරගකරුවන් 09 දෙනා අතරට තේරී පත්වීමට විමුක්ති ලියනගේ සහ ෂමීර වීරංසිහ යන තරුණයින් දෙදෙනාගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබේ. Mogo Reader නමින් හැඳින්වෙන ඇන්ඩ්‍රොයිඩ් සඳහා නිර්මාණය කර ඇති පුවත් හා ලිපි එක්කාසු කර දක්වන ඇප් එකක් සඳහා මේ ජයග්‍රහණය හිමිව ඇත. අවසන් අදියරේදී එක් එක් තරගකරුවන්ගේ ජීවිත කතාව අලලා ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද යූටියුබ් වීඩියෝ පටයට හිමිවන මනාප (Likes) ගණන අනුවයි අවසන් ජයග්‍රාහකයා තෝරාගැනෙන්නේ. ඉන්දීයාව, නේපාලය, පිලිපීනය හා අප්‍රිකාව වැනි රටවල් වල තරගකරුවන් සමඟ තියුණු තරඟයක් ඇති මේ අවසන් වටයේදී ලාංකික කණ්ඩායම ජයග්‍රහණය කරවීමට ඔබේ දායකත්වය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 12.00 ට පෙර ලබා දෙන්න. පහත link එක click කර ලැබෙන යූටියුබ් වීඩියෝ පටයේ පහළ Like ( ) බටනය click කර ඔබේ මනාපය ලබා දිය හැකියි.
Posted on: Mon, 01 Dec 2014 13:25:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015