See below comments from Mr.Udaya Gamanpila Regarding the peace - TopicsExpress



          

See below comments from Mr.Udaya Gamanpila Regarding the peace pact signed between India and Sri Lanka in 1987, it highlights implementation of the 13th amendment. W ell if one of the parties breaches the condition the agreement it becomes null and void. Well one term is that India is supposed to disarm LTTE completely and they failed to fulfill that condition. So this 13th amendments is not valid anymore. ලංකාවේ නිදහස යළි දිනා ගැනීම සෑම වසරකම පෙබරවාරි මස 04 වන දින ජාතික නිදහස් දිනය මහත් අභිමානයෙන් සැමරේ. ඒ 1815 මාර්තු 02 දින උඩරට ගිවිසුමෙන් අහිමි කර ගත් නිදහස යළි ඉංග්‍රීසින්ගෙන් ලැබුවේ 1948 පෙබරවාරි 04 දින බැවිනි. නමුත් ජාතිය නොදත් දෙයක් ඇත. ඒ 1948 දී දිනා ගත් නිදහස තවත් ගිවිසුමකින් යළිත් ජාතියට අහිමි වුණු බැවිනි. නමුත් උඩරට ගිවිසුම මෙන් එම ගිවිසුම ස්වාධීනත්වය අහිමි වීමේ ගිවිසුමක් ළෙස සලකන්නේ නැත. එම ගිවිසුම වන්නේ 1987 ජූලි 29 හෙවත් මීට වසර 26කට පෙර අත්සන් තැබූ ඉන්දු - ලංකා ගිවිසුමයි. ඉන්දු - ලංකා ගිවිසුම කියවන කිසිවෙකුට එය ස්වාධීන්තවය පාවා දෙන ගිවිසුමක් ළෙස නොපෙනේ. එකී ගිවිසුමේ භයානක බව මතු වන්නේ එම ගිවිසුම සමග හුවමාරු කර ගත් ලිපි කියවීමේ දීය. එකී ලිපි වල අඩංගු කරුණු කෙතරම් ලැජ්ජා සහගත ද යත් ඒවා ගිවිසුමේ අඩංගු නොකර ලිපි හුවමාරුවකින් ගිවිස ගැනීමට දෙරට නායකයෝ එකග වූහ. ඇත්තෙන්ම ලිපි හුවමාරුවක් ලෙස හැදින්වුවත් සිදුවූයේ ඉන්දියානු අගමැති විසින් යවන ලද කොන්දේසි සහිත ලිපිය ලංකාවේ ජනපති විසින් පිලි ගැනීමයි. ඉතාම අනගි රාජ්‍ය තාන්ත්‍රික භාෂාවෙන් ලියා ඇති එකී ලිපියට අනුව ඉන්දියාව අකැමති විදේශීය හමුදාවන්ගේ සහ ඔත්තු සේවාවන්හි සේවය ලංකාව ලබා නොගත යුතුය. මෙයින් අදහස් කලේ ලංකාවේ විශේෂ බලකායට පුහුණුව ලබා දීමට පැමිණි ඇමෙරිකානු ග්‍රීන් බෙරෙ පුහුණුකරුවන් ද ඔත්තු සේවා පුහුණු කළ ඊශ්‍රාලයේ මොසාඩ් පුහුණුකරුවන් ද රටෙන් ඉවත් විය යුතු බවයි. එමෙන්ම ඉන්දියාව අකැමති විදේශීය රටකට හමුදා අවශ්‍යතා සදහා ලංකාවේ වරායන් භාවිතා කිරීමට අවස්ථාව නොදිය යුතුය. ඒ අනුව විදේශීය යුද නැවකට තෙල් හෝ ඖෂධ ලබා ගැනීම සදහා ලංකාවේ වරායකට ඇතුළු වේ නම් ලංකාණ්ඩුවෙන් මෙන්ම ඉන්දියානු ආණ්ඩුවෙන් ද අවසර ලබා ගත යුතුය. තෙවන කොන්දේසිය අනුව ත්‍රිකුණාමලයේ ඇති උපාය මාර්ගික වශයෙන් අතිශයින්ම වැදගත් තෙල් ටැංකි අළුත්වැඩියා කර භාවිතා කිරීම දෙරට අතර බද්ධ ව්‍යාපාරයක් ලෙස කළ යුතුය. මේ මගින් යුදමය අවස්ථාවක දී වෙනත් රටක් විසින් මෙම තෙල් ටැංකි භාවිතා කිරීමේ අවස්ථාව අවුරා ඇත. සිව්වන කොන්දේසිය වූයේ ලංකාවේ විදේශීය ගුවන් විදුලි සේවා පවත්වා ගැනීමට ඉඩ දෙමින් අත්සන් තබා ඇති ගිවිසුම් විවරණය කරමින් යුද සහ ඔත්තු සේවා සදහා ඒවා භාවිතා කිරීමට ඇති අවස්ථා ඇහිරිය යුතු බවයි. මේ වන විට පුත්තලම ඉරණවිල “ඇමෙරිකානු හඩ“ ගුවන් සේවයේ සම්ප්‍රේෂණාගාරයක් පිහිටුවා තිබිණි. එම ස්ථානය ඇමෙරිකාව විසින් ඉන්දියාව පිළිබද ඔත්තු බලන ස්ථානයක් ලෙස ඉන්දියාව සැක කර තිබිණි. ඇමෙරිකානු හඩ ලංකාවෙන් ඉවත් කිරීම මෙම කොන්දේසියේ අරමුණ විය. ලංකාවෙන් ඉහත කොන්දේසි හතර ඉටු කිරීම පමණක් අපේක්ෂා කිරීමෙන් ඉන්දියාව ලංකාවේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බව පෙනෙන බැවින් එය වසා දැමීමට කේක් ගෙඩිය මත අයිසින් ඇතිරීමට ද ඉන්දියාව වග බලා ගත්තේය. ඒ අනුව ඉන්දු ලංකා ගිවිසුමේ වගන්තියක් යළි සදහන් කරමින් ලංකාවේ ත්‍රස්තවාදය හෝ බෙදුම්වාදය වපුරන අය එරටින් පිට මං කිරීමට එකග විය. තව ද ලංකාවේ හමුදාවන්ට ඉන්දියාවේ පුහුණුව ලබා දීමට ද එකග විය. ඉන්දු - ලංකා ගිවිසුම තුල සාකච්ඡා වන්නේ ද්විපාර්ශවික කරුණු නොව ලංකාවේ අභ්‍යන්තර කරුණුය. ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ බස කතා කරන ජනතාවගේ සම්ප්‍රදායික වාසභූමි බවත් ලංකාවේ පළාත් සභා පිහිටුවීමේ දී උතුරු සහ නැගෙනහිර පළාත් සදහා එක් පළාත් සභාවක් පිහිටුවන බවත් එකී ගිවිසුමේ සදහන්ය. දෙමළ ලංකාවේ රාජ්‍ය භාෂාවක් වන්නේ මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙසය. උතුරු සහ නැගෙනහිර පළාත් හි පළමු පළාත් සභා මැතිවරණය මෙන්ම ජනමත විචාරණය ද ඉන්දියානු නිරීක්ෂකයින්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වීමට මෙම ගිවිසුමෙන් අපි එකඟ වී තිබේ. එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්හි වසන සියළුම ජන කණ්ඩායම්හි ආරක්ෂාව ඉන්දියාව විසින් සහතික කර තිබේ. මේ අනුව 1948 පෙබරවාරි 04 දින දිනූ නිදහස 1987 ජූලි 29 දින අපට අහිමි වී තිබේ. ලංකාවේ ආරක්ෂාව සහ විදේශ කටයුතු සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ දී ඉන්දියාවේ එකඟතාවය ලබා ගැනීමට අපට දැන් සිදු වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද ඉන්දියාවේ එකගතාවය ලබා ගැනීමට සිදු වී තිබේ. ශිව ශන්කර් මෙනන් මහතා පසුගිය දා ලංකාවට පැමිණ අපට සිහිපත් කලේ එම තිත්ත ඇත්තයි. දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සමහර විධිවිධාන සංශෝධනය කිරීමට ඇමති මණ්ඩලය තීරණය කළ නමුත් මෙනන්ගේ ලංකාගමනයෙන් පසු එම තීන්දු අත්හිටුවන ලදී. ඉහත තත්වය යටතේ ලංකාව කළ යුත්තේ වාර්ෂිකව නිදහස සමරා ජය පැන් බීම නොව අහිමි වූ නිදහස යළි දිනා ගැනීමට කටයුතු කිරීමයි. එය කළ හැකි අනගිම ක්‍රමය වන්නේ ඉන්දු - ලංකා ගිවිසුම අවලංගු වී ඇති බව ඉන්දියාවට පමණක් නොව සමස්ත ලෝකයටම පෙන්වා දීමයි. ඉන්දු - ලංකා ගිවිසුම පීඩනයක් යටතේ අත්සන් කළ බැවින් වලංගු නොවන බවත් එසේ වලංගු වුවත් ගිවිසුමේ 2.16 වගන්තිය ඉන්දියාව විසින් උල්ලංඝණය කළ බැවින් දැන් අවලංගු වී ඇති බවත් 2013 ජූනි 27 දින ප්‍රදීපයෙන් විස්තර කෙරිණි. ඉන්දියානු පීඩනයෙන් අපට මිදිය හැක්කේ මෙම මතවාදය ජාත්‍යන්තර තලයට ගෙන යෑමෙන් පමණි. නිදහසින් පසු ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව සමග ප්‍රධාන ගිවිසුම් තුනක් අත්සන් තබන ලදී. ඉන් පළමු ගිවිසුම වන්නේ 1964 ඔක්තෝම්බර් 30 දින අත්සන් තැබූ සිරිමා - ශාස්ත්‍රි ගිවිසුමයි. ලංකාවේ වසන රටක් නොමැති ඉන්දියානු සම්භවයක් ඇති ජනතාවගෙන් 525,000ක් ඉන්දියාව භාර ගැනීමටත් 300,000ට ලංකාවේ පුරවැසිකම් ලබා දීමටත් දෙපාර්ශවය එකග වන ලදී. 1974 ජනවාරි 24 දින අත්සන් තැබූ ඉන්දු-ලංකා ගිවිසුමෙන් ඉතිරි 150,000 දෙරට අතර සමානව බෙදා ගැනීමට එකඟ වන ලදී. ඒ අනුව ඉන්දියාව භාර ගැනීමට එකඟ වූ පිරිස 600,000කි. නමුත් ඉන්දියාව එම ගිවිසුමෙන් පොරොන්දු වූ පරිදි කටයුතු නොකළ හෙයින් ඉන්දියාවට යෑමට සිටි පිරිසට ද පුරවැසිකම් ලබා දීමට ලංකාවට සිදුවිය. ඉන්දියාව සහ ලංකාව අතර අත්සන් තැබූ දෙවන ප්‍රධානතම ගිවිසුම වන්නේ 1974 දී අත්සන් තැබූ කච්චතිව් ගිවිසුමයි. එකී ගිවිසුමෙන් කච්චතිව් දූපතේ අයිතිය ලංකාවට හිමි වුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1976 දී නිර්ණය කළ මුහුදු සීමාව ද ලංකාවට වාසි ලෙස තීරණය විය. ඉන්දියාව මෙතෙක් කඩ නොකළ එකම ගිවිසුම වන්නේ ද කච්චතිව් ගිවිසුමයි. නමුත් තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව විසින් කච්චතිව් දූපත ලංකාවට පැවරීම නීති විරෝධි යැයි ප්‍රකාශ කරන මෙන් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇත. මේ පිළිබද ඉන්දියානු ආණ්ඩුවේ මතය විමසමින් නීතිපතිවරයාට නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇත. තෙවන ප්‍රධාන ගිවිසුම වන්නේ පසුගිය සමයේ ප්‍රදීපයෙන් විස්තරාත්මකව සාකච්ඡාවට බඳුන් කළ 1987 දී අත්සන් තැබූ ජේ ආර් - රජිව් ගිවිසුමයි. එකී ගිවිසුම ඉන්දියාව කඩ කළ අයුරු 2013 ජූනි 27 දින ප්‍රදීපයෙන් විස්තර කෙරිණි. මේ අනුව ඉන්දියාව සහ ලංකාව අතර අත්සන් තැබූ ප්‍රධාන ගිවිසුම් තුනෙන් දෙකක්ම ඉන්දියාව උල්ලංඝණය කර ඇති අතර තෙවන ගිවිසුම වන කච්චතිව් ගිවිසුම ද උල්ලංඝණය කිරීමේ සූදානමක් පවතියි. කච්චතිව් දූපත යනු මුඩු බිමකි. එහි ඇත්තේ කුඩා කතෝලික පල්ලියක් පමණි. එම දූපත ඉන්දියාවට අයිති වුණොත් මුහුදු සීමාව ද සුළු වශයෙන් වෙනස් වනු ඇත. එම දූපත යළි ඉන්දියාවට ලබා දුන්නොත් අපේ ස්වාධීනත්වය අපට ලැබේ නම් දෙවරක් නොසිතා එම ගනුදෙනුව සිදු කළ යුතුය. මක් නිසාද යත් අක්කරයකට වඩා විශාල නොවන කුඩා දූපතකට වඩා ජාතියේ ස්වාධීනත්වය වටින බැවිනි. අප එම දූපත යළි ඉන්දියාවට ලබා දිය යුත්තේ විදේශ කටයුතු, ජාතික ආරක්ෂාව සහ බලය බෙදීම ඇතුළු ලංකාවේ වෙනත් කිසිම අභ්‍යන්තර කටයුත්තකට ඉන්දියාව මැදිහත් නොවන බවට සහතික වන්නේ නම් පමණි. නමුත් ඉතිහාසය පුරා ලංකාව, ඉන්දියාව, නේපාලය, භූතානය සහ සිකීමය යන කුඩා අසල්වැසියන් සමග ඇති කරගත් ගිවිසුම් විවෘතවම උල්ලංඝණය කර ඇති ඉන්දියාවේ සහතික වීම් යනු හුදු වචන පමණි. උදය ප්‍රභාත් ගම්මන්පිල ප්‍රදීපය -ලංකාදීප පුවත්පත
Posted on: Tue, 23 Jul 2013 06:04:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015