Target-news - -- මහ එවුන් පනිද්දී - TopicsExpress



          

Target-news - -- මහ එවුන් පනිද්දී කුඩුත් එක්ක පොඩි එවුන් අසුවෙති ~~~~~~~~ Wele Suda’s aides arrested; nine kilos of heroin found (14දා) රාත්‍රි නැදිමාල කඩවත පාරේදී අල්ලාගත් හෙරොයින් කිලෝග්‍රෑම් 9ක තොගය පැකට් කර තිබූ අන්දම රුපියල් කෝටි හතකට ආසන්න හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සමඟ තවත් හෙරොයින් ජාවාරම්කරුවකු දෙහිවල, නැදිමාල, කඩවත පාර ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු මිරිහාන, නුගේගොඩ පදිංචි චින්තක කුමාර ඩයස් නමැත්තෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කෙළේ එම ජාවාරම්කරු සන්තකයේ වෑන් රථයේ පැකට් කර සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 9ක තොගයක් අසුවූ බවයි. එම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බවද ඔහු පැවැසීය. විදේශ රටක සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය එවීමේ ජාවාරමේ යෙදී සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සහ මාලිගාවත්ත මොහොමද් සිද්ධික් නමැති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා මේ මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බව හෙළිවී තිබේ. වෙලේ සුදා සහ සිද්ධික් නමැත්තා විසින් එවා තිබී පසුගිය ජුනි 12 දින විශේෂ කාර්ය බළකාය විසින් කැලණිය ප්‍රදේශයේදී හයිබි්‍රඩ් වාහනය සමඟ අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් කෝටි 85ක් වටිනා හෙරොයින් කිලෝ 85ක් ඔවුන් විසින්ම මෙරටට එවා ඇති බවත් පෙරේදා රාත්‍රි හසුවූ මත්ද්‍රව්‍ය තොගයද එහි අනෙක් ඉතිරි කොටස බවද පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. වෙලේ සුදා සහ මොහොමද් සිද්ධික් නමැති ජාවාරම්කරුවන් දෙදෙනා පාකිස්තානයේ සහ ඩුබායි රටවල ජීවත්වන බවද අනාවරණය වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට රතු නිවේදන නිකුත් කොට ඇත. කැලණියේදී හසුවූ හයිබි්‍රඩ් මෝටර් රියද කෝට්ටේ ප්‍රදේශයේ සිට රාජගිරිය මැක්ඩොනල්ඩ් ආයතනය පිහිටි ප්‍රදේශය හරහා කැලණිය ප්‍රදේශයට ගමන් කළ බවද අනාවරණය වී තිබේ. එම ජාලයට අදාළව 15දා වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන්ගේ සංඛ්‍යාව 8 දෙනෙකි. මේ අතර අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සැකකරුවන් 12 දෙනකු පසුගිය මාස කිහිපයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ජුනි මස 12 දින කැලණියේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් හයිබි්‍රඩ් මෝටර් රථය සමඟ හසුවූ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ පසුබිම සෙවීම සඳහා ප්‍රධාන කරුණු හතරක් යටතේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පරීක්ෂණ පවත්වා තිබේ. එම මත්ද්‍රව්‍ය තොගය කාගේද? ගෙන ආවේ කවුරුන්ද? මෙරටට එවන ලද පුද්ගලයා කවුද? යන්න සහ ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් සහාය දී ඇත්තේ කවුරුන්ද යන්න ගැන දීර්ඝ වශයෙන් පරීක්ෂණ පවත්වා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය. එම මත්ද්‍රව්‍ය තොග ගුවන් මගීන්ගේ ගමන්මලු හරහා ගුවන් බඩු මඟින් සහ මුහුදින් බහලුම් මාර්ගයෙන්ද මෙරටට රහසේ ගෙන එන බව අනාවරණය වී තිබේ. Police Narcotic Bureau on Monday evening (July 14) arrested a close associate of Gampola Vidanalage Samantha Kumara alias Wele Suda with nine kilos of heroin with a street value of Rs. 63 mn at Madiwela. The heroin packed in nine parcels had been hidden in a van and the suspect was arrested on information elicited from four suspects arrested earlier in connection a massive heroin haul detected by the STF on June 12. Soon after the PNB had arrested Wele Suda’s associate Chinthaka Kumara Dias, another suspect connected to heroin racket was also arrested from the same area. PNB has now arrested eight suspects linked to the heroin haul found in June near Kelaniya along the Knady-Colombo road with the arrest of the latest duo. Although the PNB had been able to identify two masterminds in the country’s drug trade as Wele Suda and Mohammed Siddiq, who are operating from overseas despite red notices issued on them, it has not been able to identify the suspects to whom the heroin were to be delivered. Addressing a media conference at PNB office in the CID building in Colombo, Police spokesman SSP Ajith Rohana admitted that PNB thus far had not been able to find to whom those heroin in large quantity were to be delivered. However, investigations were being conducted, he said. Police have identified the key drug trade operators as Wele Suda and Mohhamd Siddiq and they have been able to cripple their network to 70% in Sri Lanka, he said. On June 11, acting on a tip-off, the police Special Task Force (STF), arrested two brothers and took into custody two vehicles, a trishaw and a car with 85 kilos and 500 grammes of heroin with a street value of over Rs. 700 million on the Biyagama road in Kelaniya. Anura S. Liyanage Target-news -Wednesday July 16th 2014
Posted on: Wed, 16 Jul 2014 04:22:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015