Target-news - පොලිස් සුනඛයින් - TopicsExpress



          

Target-news - පොලිස් සුනඛයින් අටකට මංගල සීනු ----------------- POLICE POOCHES TIE THE KNOT… මහනුවර අස්ගිරියේ නිල සුනඛ අංශයේ සුනඛ ජෝඩු අටක් (26) පොලීස් ප්‍රධානීන් පිරිසක් ඉදිරිපිටදී යුග දිවියට ඇතුළු කරනු ලැබුහ. අමුත්තන් වෙනුවෙන් කැවුම් කිරිබත් සංග්‍රහයක්ද විය. මනාලියන් තිදෙනකුද මනාලයාන් තිදෙනකුද මධු සමය සඳහා නුවරඑළියේ පොලිස් සුනඛ නිකේතනයට නිල සුනඛ රියෙන් රැගෙන යනු ලැබුහ. පොලිස් සේවය සඳහා එතෙරින් සුනඛයෝ සියයක් පමණ අස්ගිරියට ගෙ එනු ලැබ සිටිති. මේ සතුන්ගෙන් තවත් සතුන් බෝ කැර ගැනීම පොලිස් නිල සුනඛ අංශයේ බලාපොරොත්තුවයි. මොවුන් විවාහ කිරීම මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. පොලින් නිල සුනඛ අංශය සඳහා ජර්මනිය, ප්‍රංශය ඇතුළු රටවලින් සුනඛයින් ආනයනය කිරීමේදී අතිවිශාල මුදලක් වැයවන බැවින් එය අවම කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වී තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. විවාහය ලියාපදිංචි කැර මධුසමය සඳහා ඔවුන් නුවරඑළියට පිටත්කර හරින බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල මහතා පවසයි. විවාහපත් වුණු සුනඛයින් පැටවුන් බිහිකළ පසු මාස තුනක කාලයක් පැටවුන් සමඟ නුවරඑළියේ තබන බවද ඒ මහතා කීය. Six canine couples today took their relationship to the next level in Kandy today. The six newlywed canine couples belong to the Kandy Police Kennels. The ceremony was held under the auspices of the Kandy Police Kennels. Three canine couples were sent in the official Police Kennels vehicle to the Nuwara Eliya Police Kennels to spend their honeymoon, the Ada Derana reporter claims. Pic by Herath Ekanayaka Anura S. Liyanage Target-news -2013 අගෝස්තු මස 26
Posted on: Mon, 26 Aug 2013 12:03:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015