The Terminal - 2004 සරල විනෝදාත්මක - TopicsExpress



          

The Terminal - 2004 සරල විනෝදාත්මක ප්‍රේම වෘතාන්තයකි.තම පියාණන්ට වූ පොරොන්දුවක් ඉටු කිරීමේ අරමුණෙන් ඇමෙරිකාවට පැමිණෙන වික්ටර් නවෝර්ස්කි නම් ක්රෝකේසියානු ජාතිකයාට දෙරටේ දේශපාලන ගැටුම් හේතුවෙන් ගුවන් තොටුපලෙන් ඇමෙරිකාවට ඇතුල් වීමටවත් අවසර නොදේ.ඉංග්‍රීසි භාෂාවවත් හරි හැටි හසුරුවාගනීමට නොහැකි ඔහුට විවිදාකාර ඇබැද්දීන්ට මුහුණදීමට සිදු වන අතර දින ගණනාවක් ගුවන් තොටුපලේ රැදී සිටීමට සිදු වේ.මේ අතරතුර කාලයේ ඔහුට ගුවන් තොටුපලෙන් අපූරු යහළුවන් පිරිසක් හඳුනා ගනී.මෙසේ කාලය ගෙවෙන කල ඔහුට මෙහි සේවය කරන රූමත් ගුවන් සේවිකාවක් පිළිබඳව සිතක් පහල වේ.තම ගුවන් තොටුපලේ යහළුවන්ගේ සහායද ඇතිව ඔහු එම තරුණියට තම ප්‍රේමය ප්‍රකාශ කරයි.මේ වන විට මුළු ගුවන් තොටුපලේම ජනප්‍රියම චරිතය වන්නේ මෙම නුහුරු ලෙස ඉංග්‍රීසි හසුරුවන ක්රෝකේසියානු ජාතික වික්ටර් නවෝර්ස්කිය.ඔහුගේ චරිතයේ වූ යහපත් ගති ගුණ හේතුවෙන් සැමගේ ආදරය ලැබීමට ඔහු සමත් වේ.ඔහුට තම ආදරය ජයගෙන පියාගේ පොරොන්දුවත් ඉටු කළ හැකි වේද? නරඹන්න ටොම් හෑන්ක්ස් රඟන ,ස්ටීවන් ස්පිල්බර්ග්ගේ සිනමා නිර්මාණය The Terminal. Director: Steven Spielberg Writers: Andrew Niccol, Sacha Gervasi Stars: Tom Hanks, Catherine Zeta-Jones, Chi McBride
Posted on: Fri, 16 May 2014 12:25:30 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015