Uploaded to my You Tube....සාමාන්යයෙන් - TopicsExpress



          

Uploaded to my You Tube....සාමාන්යයෙන් ඇසෙන ගීයක් උනත් මෙහි Original එක ඇහෙන්නෙම නැති තරම්.... ඇහෙන ගීතයයි මේ පිටපතයි අතරේ වෙනස අහසට පොලොව වගේ.... ප්රේමසිරි ඛේමදාසයන් සිය සුපුරුදු නාද රටා වලින් ඔබ්බට ගමන් කල අවස්ථාවක්.... එඩ්වඩ් ජයකොඩි මහතා සිය ගායනා රටාව එලෙසම තබාගෙන ඛේමදාසයන්ගේ තනුවට අනුගතවී ඇති අයුරු ඉතාම සුන්දරයි.... පද රචකයා කව්ද කියා දන්නේ නැති උනත් සිය අහිමි පෙම්වතියගේ නව ජීවිතයට සුභ පතන මේ කථකයාගේ උපේක්ෂාව සහ සන්තාපය රසවිඳීමේ හැකියාව පොඩ්ඩ බැරි උන ගමන් මිනීමරණ, දිවි නසාගන්නා නූතන මාරක ප්රේම කතා ඇසීමෙන් විමතියට පත් සිත් සතන් වලට නිවී සැනසීම ගෙන එන බවයි සිතෙන්නේ. කථකයාගේ පාළුව ඉතාම වේදනාකාරී විදියට අසන්නාට දනවන මෙහි සංගීතයේදී වයලීනය සහ විද්යුත් ගිටාරය සංකලනය වන අයුරු විශිෂ්ටයි (නන්දා මාලනියගේ නවාතැන් පොළ ගීතයේත් මෙය දකින්න පුළුවන්)... වාදනය ගැන මට ඇති භක්තිය නිසාම මෙහි රූපාවලියට සංගීත භාණ්ඩ යොදාගැනීම ගීතයේ mood එකට ගැලපේවි යයි සිතමි... මගේ කඳුලින් නිමා වූ මාවතේ https://youtube/watch?v=JxaZZZN7ixc&feature=youtu.be
Posted on: Sun, 28 Dec 2014 20:19:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015