අතුරුදහන්වූවන්ගේ - TopicsExpress



          

අතුරුදහන්වූවන්ගේ පවුල්වල රැස්වීමට තර්ජන √√√ BBC FLASH NEWS LIKE √ 4 අගෝස්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 11:42 යවන්න මරදාන සමාජය හා සාමයික කේන්ද්රයේ පැවති අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වෙමින් සිටි රැස්වීමකට භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායමක් කඩා වැදී එම රැස්වීම කඩාකප්පල් කළ බව වාර්තා වෙයි. ඇමෙරිකාව ඇතුළු විදේශ රටවල තානාපති නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වෙමින් සිටි බවයි වාර්තා වන්නේ. අද සඳුදා සවස රැස්වීම ආරම්භ වී පැයකට පමණ පසු භික්ෂූන් වහන්සේලා අටදෙනකුද ඇතුළත් යුතු කණ්ඩායම පැමිණ රැස්වීම නවත්වන මෙන් තර්ජනය කල බවයි එම රැස්වීමේ සංවිධායකයෙක් බීබීසී සංදේශයට කියා සිටියේ. රාජ්යතාන්ත්රිකයන්ටත් තර්ජන සිය සාකච්ඡාවට බාධා කළ පුද්ගලයන් අතුරුදහන් පුද්ගලයන්ගේ ඥාතීන්ට සහ විදේශ තානාපති නිලධාරීන්ට බැණ වැදුණ බවත් ඉහත කී සංවිධායකයා සංදේශයට ප්රකාශ කළේය. අපි ඇමරිකාවෙන් මුදල් ලබන දේශ ද්රෝහීන් යයි පවසමින් ඔවුන් අපට බැණ වැදුණා එම සංවිධායකයා පවසයි. පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ලඟා වුවත් අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආරක්ෂාව ලබා දීමට නොහැකි නිසා එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසයි පොලිසිය පවසූ බවත් ඔහු කියා සිටියි. සාකච්ඡාවට සහභාගී වෙමින් සිටි කණ්ඩායමට මේ වන විට එම ස්ථානයෙන් පිටව යාමට හැකි වී ඇති බවත් වාර්තා වෙයි.
Posted on: Tue, 05 Aug 2014 18:45:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015