අශීලාචාර ප්‍රකාශයක් - TopicsExpress



          

අශීලාචාර ප්‍රකාශයක් මර්වින් සිල්වාගෙන් මර්වින් සිල්වා මන්ත්‍රීවරයා ඉතා පහත් ලෙසින් රොයිටර් පුවත් සේවාවේ මාධ්‍යවෙදියෙකුට කථා කළේය. අප මෙම වීඩියෝව පළකරන්නේ මෙහි ප්‍රවුර්තිමය අගය සලකා නොව මෙවන් හැසීරීම් වලට තව දුරටත් ඉඩ දිය යුතුද යන්න විමසමිනි. මේ හා සමාන ලෙසින් අළුත්කඩේ උසාවිය ඉදිරිපිටදී මර්වින් සිල්වා මාධ්‍යවේදියෙකුට කථා කල අතර එය අනෙකුත් මධ්‍ය රංගනයන් විලසින්ම හමාර විය. මේ පුවත් නරඹන අප අප විසින්ම අසා ගත යුතු ප්‍රශ්නයක් ඇත. ඒ මර්වින් සිල්වාට මේ ආකාරයට කතා කිරීමට බලය ලැබෙන්නේ කොහෙන්ද යන්නයි. මේ සිදුවීමීදී නම් මර්වින් සිල්වාට ඒ බලය ලැබෙන්නේ ඔහු වටකොට සිටින ඔහුගේ සගයින් ගෙනි.නිශ්චිත සිදුවීමට එහා ගිය හොත් බලය ලැබෙන්නේ ඔහු සේවා සපයන දේශපාලන අධිකරියෙනි. මේ තත්වය හැමදාමත් ඉවසා සිටිය යුතු එකක්ද? ජනාධිපතිවරණ සමයේදී මැර ක්‍රියාවල යෙදුන පිරිස් ජනවාරි අටවෙනිදායින් පසු පුනරුත්ථාපනය කරන බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කියා සිටියේය. එවැනි වැඩ පිළිවෙලක් ඇත්නම් ඒ තුලින් ආචාර්ය මර්වින් සිල්වාටද යහපත් සහ ප්‍රයෝජනවත් ජනතා නියෝජිතයෙක් වීම සඳහා උදව් කිරීම වටී. (මේ වීඩියෝව බැලීමෙන් ඔබට යම් අපහසුවක් වී නම් සමාවන්න) https://youtube/watch?v=QsM-qW6X_QI
Posted on: Sat, 10 Jan 2015 06:57:59 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015