ඇහැලේපොළ වලව්ව රජය වෙත - TopicsExpress



          

ඇහැලේපොළ වලව්ව රජය වෙත පවරා ගැනේ මහනුවර රිමාන්ඩ් බන්ධනාගාරය ලෙස වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගිය ඇහැලේපොළ වලව්ව අද (13) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයට පැවරීම සිදුවන බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව තිබූ බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරය පවත්වාගෙන යන ලද්දේ මහනුවර ඇහැලේපොළ වලව්ව තුළය. ඒ අනුව මෙම වලව්ව භාරදීම ඇහැලේපොළ වලව්වේදීම සිදුවේ. මෙම ඇහැලේපොළ වලව්ව වසර 198ක් පමණ ඉපැරණි ගොඩනැගිල්ලකි. මෙහි රඳවාසිටි සියලු ම සැකකරුවන් සංඛ්‍යාව 300ක් පමණ වූහ. මොවුන් සියලු ම දෙනා පසුගියදා විවෘත කෙරුණ බෝගම්බර දුම්බර බන්ධනාගාරයට මාරුකර යවා ඇති බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි . නායක්කර් පාලනයට එරෙහිව ඇහැලෙපොළ මහ නිලමේ ගේ කාර්ය භාරය නායක්කාර් පාලනයෙන් කන්ද උඩරට රාජ්‍යය ගලවා ගැනීමේ කාර්යයේ දී ඇහැලෙපොළ මහ නිලමේ හෙවත් ඇහැලෙපොළ විජයසුන්දර වික‍්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න ජයතිලක ඒකනායක අමරකෝන් වාහල පණ්ඩිත මුදියන්සේ ගෙන් සිදු වූ උදාර සේවය අප රටේ පමණක් නො ව දෙස් විදෙස්වල ද මතු පරපුරේ ද සාකච්ඡාවට භාජන විය යුතු අතිශයින් ම වැදගත් කරුණකි. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රාජ පද ප‍්‍රාප්තියෙන් ශී‍්‍ර ලංකාවේ දේශපාලන දූෂණ, භීෂණ හා අවුල් ජාලයක ආරම්භයත් එක ම යුගයක පැන නැඟුණු සංකීර්ණ වූ කි‍්‍රයාවලියකි. ශී‍්‍ර ලංකාවේ සිහසුනට කිසි ම උරුමයක් නොතිබුණ වඩිග ජාතික කන්නසාමි තරුණයා රාජාධි රාජසිංහ (කි‍්‍ර.ව. 1798) රජු ඇවෑමෙන් උඩරට රජකමට පත් වූයේ එවකට මහ අදිකාරම් තනතුර දැරූ පිළිමතලාවේ මහ නිලමේ ගේ තීක්‍ෂ්ණ බුද්ධියේ ප‍්‍රතිඵලයක් වශයෙනි. “අපි කියන දේ කරන රට විනාශයට පත් නොකරන කෙනෙක් රජතුමා වශයෙන් පත් කරමු” යි මල්වත්තේ මහ නාහිමියන් පිළිමතලව්වේ මහ අදිකාරමට කී විට ඔහු පිළිතුරු දුන්නේ “රජු අපට විරුද්ධ වූවොත් අප බි‍්‍රතාන්‍යයන් ගෙන් උදව් අරගෙන ඔහු මැඩ පවත්වන්න පුළුවනි” යනුවෙනි. (An account of the interior of Ceylon and it’s inhabitants) ඇහැලෙපොළ මහ නිලමේ බි‍්‍රතාන්‍යයන් උඩරටට කැඳවීමේ අදහස එවකට පිළිමතලව්වේ ඇතුළු සියලුම ප‍්‍රභූවරුන් අතර පැවැති බවට මෙය කදිම සාධකයකි. ඇහැලෙපොළ පමණක් නො ව හලංගොඩ හා මීගස්තැන්නේ ප‍්‍රභූවරුන් ද දිගු කලක් ඉංගි‍්‍රසීන් සමඟ මිත‍්‍රත්වයෙන් සිටි බැව් ජෝන් ඩොයිලි හා ජෝන් ඩේව් ගේ සටහන් අනුව කිය හැකි ය. නුසුදුසු පුද්ගලයකු නුසුදුසු තනතුරකට පත් වීමේ භයානක ප‍්‍රතිඵල කෙමෙන් කෙමෙන් උඩරට ප‍්‍රභූවරුන්ට අවබෝධ වූයේ රජු අත්තනෝමතික ලෙස රට පාලනයට මුල පිරූ අවස්ථාවේ ය. සිහසුනට පත් වී නොබෝ කලකින් ම ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ උඩරට ප‍්‍රභූවරුන් හා සංඝරත්නය සමඟත් පොදු ජනතාව සමඟත් වරින්වර අවුල් මතු කර ගත්තේ ඔහු කිරීටයට නුසුදුස් බව සනාථ කරමිනි. මහනුවර ටිගොල්ල කෙත් යාය පිහිටි ස්ථානයේ අභිනවයෙන් වැවක් තැනීමට රජු අදහස් කළ විට ඒ කාර්යයෙන් ගොවීන්ට අසාධාරණයක් සිදුවන බැව් පළමු ව රජුට පෙන්වා දුන්නේ පිළිමතලව්වෙ මහ අදිකාරම් ය. ලෙව්කේ දිසාව ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව ද පිළිමතලව්වේ, මහ රජතුමා සමඟ ගැටුම් ඇති කර ගත්තේ ය. සබරගමුව, හත් කෝරළය හා තුන් කෝරළයේ ජනතාව මේ වැව තැනීමේ කටයුත්තට සහභාගි කර ගැනීම ගැන රජු කෙරෙහි වෛරයක් ඇති කර ගත්හ. එය ඒ ප‍්‍රදේශවාසීන් ගෙන් පළි ගැනීමක් පිණිස රජු ගත් පියවරක් ලෙස ඔවුහු සිතූහ. (උඩරට රාජධානිය පිටු 117) දළදා මැදුර ඉදිරිපිට ඇති කිරි මුහුද නම් දර්ශනීය වැව පිහිටා තිබෙන්නේ ඒ වෙල් යාය පැවති භූමියේ ය. ශී‍්‍ර වික‍්‍රම-පිළිමතලව්වේ ගැටුමේ අවසන් ප‍්‍රතිඵලය වූයේ 1811 අගෝස්තු 26 වන දින මහනුවර කුමාර හපුවේ සල් ගස යට දී පිළිමතලව්වේ මහ අදිකාරම් ගේ හිස ගසා දැමීම ය. අසන් නමැති ජා මුහන්දිරම සමඟ රජු මැරීමට කුමන්ත‍්‍රණය කිරීම පිළිමතලව්වේට එල්ල වූ චෝදනාව ය. මේ සෑම ඝාතනයක් ම නීත්‍යනුකූල බැව් ඔප්පු කිරීම පිණිස රජු ගේ එහෙයියන් ගෙන් යුත් අධිකරණ මණ්ඩලයක් ද තිබිණි. පිළිමතලව්වේට විරුද්ධ නඩුව විභාග කළ අධිකරණ මණ්ඩලයට ඇහැලේපොළ, දෙහිගම, මොල්ලිගොඩ, කැප්පිටිපොල, අංගම්මන, ගලගොඩ, දුනුවිල, උනම්බුව, මුල්ලේගම, කපුවත්ත, මඩුගල්ල හා මිල්ලව ආදීන් ඇතුළත් වී ඇත. මේ රදළවරුන් එකෙකා ඥාති සම්බන්ධතාවලින් බැඳී සිටිය ද සිය ස්වාධීනත්වයට වඩා හිතුවක්කාර රජු ගේ අණට කීකරු ව සිටි පිරිසක් බැව් ජෝජ් මයිකල් (Independent – 1840 London 10, 11) ප‍්‍රකාශ කරයි. භීෂණය විවිධ ප‍්‍රශ්න හා විවිධ චෝදනා යටතේ කන්ද උඩරට ප‍්‍රබල රදළවරුන් රැසක් ම මේ අයුරින් ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ ගේ භීෂණයට ගොදුරු වූ බැව් රාජ්‍ය ලේඛනවලින් හෙළිදරව් වේ. භීෂණය රජ කළ මෙවැනි පරිසරයක් යටතේ ඇහැලෙපොළ මහ නිලමේ අවසන් මොහොත දක්වා සිය ජීවිතය ආරක්‍ෂා කර ගෙන රාජ්‍ය සේවයේ යෙදීමෙන් ඔහු ගේ රාජ්‍ය තාන්ති‍්‍රක පරිණත භාවය පැහැදිලි වේ. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ භීෂණයේ දී දිවි කැප කළ ප‍්‍රභූවරු අතර 20 දෙනකු ගේ නම් මෙසේ ය. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු මල්වත්තේ පරණාතල අනු නාහිමි, ලෙව්කෙ දිසාව, පිළිමතලවේ මහ අදිකාරම, රත්වත්තෙ දේවමැද්දෙ දිසාව, හලංගොඩ නිලමේ, අළුවිහාරෙ බණ්ඩා, ඇරැව්වාවල දිසාව, කන්දෙපොල රටේ මැති, මාම්පිටියෙ බණ්ඩාර, අලියා මරික්කාර්, දෙනගමුවෙ රාල, රත්වානේ නිලමේ, දවුලගල රටේ මැති, බලවත්තල මුහන්දිරම්, පුස්සැල්ලේ දිසාව, ඇහැලෙපොල කුමාරිහාමි, පුස්සැල්ලෙ කුමාරිහාමි, ඇහැලෙපොල ලොකු බණ්ඩා, ඇහැලෙපොල මද්දුම බණ්ඩා, ඇහැලෙපොල ඩිංගිරි මැණිකේ. (රාජ්‍ය ලේඛනාරක්‍ෂක ලිපි ඇසුරෙනි) කාන්තාවන් හා ළදරුවන් මරා දැමීම සිංහලේ රාජ නීතියෙන් තහනම් වුව ද කුල කාන්තාවන් හා ළදරුවන් මරා දැමීමට නියෝග දීමෙන් රජු ඒ යුගයේ ගත කළ මානසිත තත්ත්වය හඳුනා ගත හැකි ය. මහනුවර නගරයේ ඉතා සුඛෝපභෝගී ලෙස ජීවත් වීමට මලබාර්වරුන්ට පූර්ණ සහයෝගය දුන් ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු, පහත රටින් පැමිණි වෙළඳුන්ගේ අත්, පා, කන්, නාසා කපා දැමීමට තරම් තිරස්චීන පිළිවෙතක් අනුගමනය කර ඇත. අනෙකුත් උඩරට වැසියන් ගේ සුබ සිද්ධිය පිණිස කිසිදු පියවරක් නොගත් රජු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ජන සතුරකු බැව් අවබෝධ කර ගත් නමුත්, හිතුවක්කාර රජුට විරුද්ධ ව සටන් වැදීමට ඇහැලෙපොළට හැර වෙනත් කිසිවකුට ශක්තියක් නොතිබිණි. මතභේදය ශී‍්‍ර වික‍්‍රමසිංහ රජු ගේ යකඩ දෝළියක වූ අළුත්ගම බිසෝ මැණිකා සමග ඇහැලේපොළ මහ අදිකාරම් ගේ රහස් සම්බන්ධය රජු ගේ අතට ම අසුවුණේ මේ අවාසනාවන්ත කාල පරිච්ඡේදයේ ය. ඇහැලේපොළට කස පහර හතක් තැළීමට රජු අණ කළ නමුත්, රජු ගේ චර පුරුෂයන්ට ම පෙරළා පහර දුන් ඇහැලේපොළ මහ නිලමේ, රජු සමඟ ඇති කර ගත් ප‍්‍රථම මත භේදය එය බැව් කිය හැකි ය. (The Legends of Kandy pp.65,66) යකඩ දෝළිය සමග ඇහැලෙපොළ ඇති කර ගත් රහස් සම්බන්ධයට පළිගැනීමක් වශයෙන් ඇහැලෙපොළ කුමාරිහාමි සමඟ අයථා සම්බන්ධයක් ඇති කර ගැනීමටත්, ඇහැලෙපොළ මහනුවර ප‍්‍රදේශයෙන් ඈත් කිරීමටත් අධිෂ්ඨාන කළ රජ ඔහු රත්නපුරේ දිසාපති ලෙස මාරු කෙළේ ය. සබරගමුවේ නව දිසාපති තනතුර ඇහැලේපොළ මහ නිලමේට දේව වරප‍්‍රසාදයක් මෙන් දැනිණි. මහනුවර දී මෙන් නිතර රජු ගේ දෑසට නොගැටුණ ඔහු හිතුවක්කාර රජුට විරුද්ධ ව සිය ඥාතීන් හා හිත මිතුරන් සමග සාකච්ඡා කෙළේ ය. රජුට මුහුණට මුහුණ දී කැරැල්ලක් සංවිධානය කිරීමට ඔහු සියලු වැඩ කටයුතු සංවිධාන කළේ රත්නපුරේ දී ය. ඇහැලේපොළ මහ නිලමේ ගේ පාරම්පරික බ‍්‍රාහ්මණ වංශික ඥාතීන් වූ එක්නැලිගොඩ, මහවලතැන්න, දෙල්ගොඩ, මුත්තෙට්ටුවේගම ආදීන් ගේ පමණක් නො ව පහත රට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ඉංගී‍්‍රසින් යටතේ මහ මුදලි ධුර හෙබැ වූ බ‍්‍රාහ්මණ වංශික ඒඩි‍්‍රයන් ද ආබ්‍රෙව් විජය ගුණරත්න රාජපක්‍ෂ ගේ සහයෝගය ද ලබා ගැනීමට ඔහු කටයුතු ;කළේ මේ අවධියේ ය. (නිල්ගල වලව්වේ අමුද්‍රිත ලේඛන 1830) මනව හිතවාදී ශ්‍රේෂ්ඨ ජනනායකයකු වූ ඇහැලෙපොළ මහ නිලමේ මහ අදිකාරම් ලෙස ඔහුට තිබුණ සියලු බලතල පාවිච්චි කරමින් කි‍්‍ර.ව. 1812 දී ළදරුවන් මරා දැමීම නීතියෙන් තහනම් කෙළේය. (සිංහල සමාජ සංවිධානය 217 පිටු) අසුභ කේන්ද්‍ර ඇති ළමයින්, වහලුන් ගේ ළමයින් මෙන් ම පවුලට අනවශ්‍ය යැයි සැලැකෙන කුමන ළමයකු හෝ මරා දැමීම නායක්කාර් යුගයේ පැවැති සම්ප‍්‍රදායකි. භක්තිමත් බෞද්ධයකු වූ ඇහැලේපොළ මහ අදිකාරම් තුමා පනවන ලද ළමයි ආරක්‍ෂා කිරීමේ නියෝගය අර්ධ හින්දු නායක්කර් පාලනයට අතුල් පහරක් මෙන් දැනිණි. පරපුර: ඇහැලෙපොළ මහ නිලමේට තිබුණේ ශක්තිමත් පාරම්පරික පසුබිමකි. එතුමා ගේ පියාණන් වූ ඇහැලේපොළ (ජ්‍යෙෂ්ඨ) චන්ද්‍රසේකර මුදියන්සේ පළමුවැනි නායක්කාර් රජු වූ ශී‍්‍ර විජය රාජසිංහ (කි‍්‍ර.ව. 1739 – 1747) රජු ගේ මහ අදිකාරම් ලෙස සේවය කළ ප‍්‍රභූවරයෙකි. එතුමා ගේ ආදිපත්‍යයට පහර දීමට එදා ශී‍්‍ර විජය රාජසිංහ රජුටවත් නොහැකි තත්ත්වයක් තිබුණු බැව් “උඩරට රාජධානිය” (පිටු 72) කියයි. 1 වැනි ඇහැලේපොළ මහ නිලමේ ශී‍්‍ර විජය රාජසිංහ, කීර්ති ශී‍්‍ර රාජසිංහ හා රාජාධිරාජසිංහ රජවරුන් යටතේ මහ අදිකාරම් තනතුර හෙබැවූ උඩරට අග‍්‍ර ප‍්‍රභූවරයා ය. පිළිමතලව්වේට මහ අදිකාරම් තනතුර ලැබුණේ එතුමා ඇවෑමෙනි. නැවතත් පිළිමතලව්වේ ඇවෑමෙන් එතුමා ගේ පුත් ඇහැලෙපොළ (කනිෂ්ඨ) මහ නිලමේ තනතුරට පත් විණි. මේ පරපුරේ සටන් ඉතිහාසය සෙනරත් (කි‍්‍ර.ව. 1604-1627) රජ යුගය දක්වා දිවෙන අසිරිමත් ඉතිහාසයකි. ගාල්ලේ ලයනල් චන්ද්‍රසිරි කලාකරුවා විසින් නිමවන ලද ඇහැලේපොළ හෙවත් ජාතියේ කඩඉම නම් කැටයම් නිමැවුම. කි‍්‍ර.ව. 1630 පෘතුගීසි ජනරාල් දොන් කොන්ස්තන්තීනු ද සා 21.000 ක බල සෙනඟ සමග වැල්ලවායේ රන්දෙනිවෙල මහා සංග‍්‍රාමයට එළැඹුණු අවස්ථාවේ ඒ හමුදා සේනාංකයක මුදලිවරයකු වූ දොන් කොස්මෝ විජයසේකර රණශූරයා සිංහල ජාතියේත්, බුදුසමයේත්, නාමයෙන් සෙනරත් රජුට පක්‍ෂපාත වී කොන්ස්තන්තීනු ද සා ගේ ගෙලට කඩු පහරක් දී ඔහු විනාශයට පත් කර සටන ජය ගත්තේ ය. ඒ කි‍්‍රයාවෙන් සතුටට පත් සෙනරත් රජතුමා දොන් කොස්මෝ විජයසේකර මුදලිට තාන්නමාන්න පිරිනැමූ අතර, ඌවේ දේශපෙ‍්‍ර්මී ජනතාව විජයසේකර මුදලිට රමණීය බිම් පෙදෙසක වලව්වක් සාදා පිරිනැමූහ. බණ්ඩාරවෙල පට්ටියගෙදර ප‍්‍රදේශයේ අභිනවයෙන් ඉදි කළ මේ නිවස හැඳින්වුණේ “කටුගහ වලව්ව“ නාමයෙනි. එයට ප‍්‍රධාන හේතුව විශාල කටු කුරුඳු ගසක් ඒ වලව්ව අබියස තිබීම යයි කියති. (ඌවේ ජනශ‍්‍රැතියක්) කැරලිකරුවන් සමඟ මහ නිලමේ සම්බන්ධකම් පැවැත්වූ බවට සැකපිට 1818 මාර්තු 02 වැනි දින මහනුවර මඟුල් මඩුවේ දී අත් අඩංගුවට ගෙන රුවන්වැල්ල දක්වා ගොඩ බිමෙන් ද, එතැන් සිට කැලණි ගඟ දිගේ දැඩි ආරක්ෂා සහිත ව කොළඹට ගෙන එන ලදී. එතැනින් නොනැවතුණු ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදීන් ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු මෙන් ම රදළ මර්දනයේ දෙවැනි පියවර අරඹමින් ඇහැලෙපොළ ගේ ඤාති මිත‍්‍රාදීන් විශාල පිරිසක් මුරිසි දිවයිනට පිටුවහල් කිරීමටත්, ඝාතනය කිරීමටත්, සිර භාරයට ගැනීමටත් පසුබට නොවූහ. මොණරවිල, කැප්පිටිපොළ, මඩුගල්ලේ, කිවුලෙගෙදර ආදී ප‍්‍රබල සටන් කාමීන්ට මරණීය දණ්ඩණය පැන වූ අධිරාජ්‍යවාදීන් එහි නායකත්වය දැරූ සෙසු සටන් කාමීන් දිවයිනෙන් පිටුවහල් කිරීමට පියවර ගත්හ. එසේ මුරිසි දිවයිනට පිටුවහල් කිරීමට තීරණය කළ පිරිස මෙසේ ය. යටිනුවර පිළිමතලව්වේ දිසාව, මත්තමගොඩ - තුන් කෝරළේ දිසාව, හාපත්ගමුවේ මොහොට්ටාල (ජ්‍යෙෂ්ඨ), හාපත්ගමුවේ කනිෂ්ඨ, මීගහපිටියේ රටේ රාල, ගොඩගෙදර අදිකාරම්, හත්පෝරුවෙ ලියන රාල, දෙමෝදර මොහොට්ටාල, හක්මන ලේකම්, ඉහගම නිලමේ, අඹගස්පිටිය නිලමේ, කොහුකුඹුරේ රටේ රාල, දන්ගමුවේ මොහොට්ටාල, කණවැරැල්ලේ රාල, මී වතුරේ හිටපු ලේකම් ආදින් ජීවිතාන්තය දක්වා මුරිසි දිවයිනට පිටුවහල් කිරීමට අධිකරණය තීරණය කළ අතර, ඊරියගම රටේ මහත්මයා, වට කැලේ රටේ මහත්මයා, කෙම්පිටියේ කෝරාළ, දේදුනු පිටියේ මොහොට්ටාල ආදින් අවුරුදු හතකට ද තවත් පිරිසකට සුළු දඬුවම් ද ලැබිණි. දකුණු පළාතේ දේශපේ‍්‍රමියකු වූ මාදම්පේ විලියම් අල්විස්, මඩුල්ලේ පුංචිරාළ, මඩුල්ලේ අරුමා, බලංගොඩ කිංචිමැණිකා, දුරයා, බදුල්ලේ කිරි නයිදා දුරයා, කටුගහවෙල දුරයා, පරණගම කිරිනයිදා දුරයා, පරණගම ගනිතා, පරණගම සුරළ, දුරයා, පරනගම පුංචා දුරයා ආදීන් ද මේ දේශපේ‍්‍රමී විමුක්ති අරගලයට සහභාගි වූ බැව් කන්ද උඩරට සමාජ සංවිධානය (පිටු 28) කියයි. 1818 මහ කැරැල්ලේ නායකයින් පමණක් නො ව 1823 මාතලේ කැරැල්ලේ නායකයන් ද මුරිසි දිවයිනට පිටුවහල් කළ පසු ද ඇහැලෙපොළ මහ නිලමේ කි‍්‍ර.ව. 1825 මැයි මස දක්වා කොළඹ සිර බාරයේ සිටියේ ය. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු පිටුවහල් කළ පසු ඇහැලෙපොළ මහ නිලමේ උඩරට රජුට හිමි වරප‍්‍රසාද භªක්ති වින්ද බැව් ඓතිහාසික ලේඛනවල සඳහන් ;ව්. පාවහන් පැළඳ ආණ්ඩුකාරයා හමුවට පැමිණි ඇහැලෙපොළ මහනුවර නගරයේ සුදු අසකු පිට නැඟී ගමන් කළ බැව් විලර්මන් ගේ වාර්තාවේ සඳහන් වේ. එංගලන්තයේ යටත් රජකු ලෙස ඇහැලෙපොළ මහ නිලමේ සිංහාසනාරූඪ කරන ලද නම් 1818 කැරැල්ලට සම්බන්ධ භීෂණයන් ගෙන් පමණක් නො ව, එය මැඩීම සඳහා ඉංගී‍්‍රසීන් කරන ලද කෘර කි‍්‍රයාවන් ගෙන් මිදෙන්නට ද තිබිණි. 1819 දී රටවැසියන් ගේ ප‍්‍රධාන පවුල්වල කිසිවෙක් ජීවතුන් අතර නොවූහ. කඩුවට, තුවක්කුවට ළං නොවූවෝ වසූරියට කොළරාවට හා දුගී බවට ලක් වී මිය ගියහ. “එදා ඇහැලෙපොළ රජ වූයේ නම් දැනට පසුතැවිලි විය යුතු බොහෝ කරුණු මඟ හැරෙන්නට තිබිණි”යි ශී‍්‍රමත් ආකිබෝලිඩ් කැම්බල් ලෝරි ප‍්‍රකාශ කළ බැව්” කන්ද උඩරට සමාජ සංවිධානය (පිටු 31) කියයි. බොදු උවසුවකු මෙන් සමාජයේ කැපී පෙනුණ ශී‍්‍රමත් ජෝන් ඩොයිලි 1814 මාර්තු මස එක් දිනෙක එක්නැලිගොඩ දිසාවට ප‍්‍රකාශ කළේ ප‍්‍රදේශ ලාභය හා රාජ්‍ය ව්‍යාප්තිය බි‍්‍රතාන්‍යයේ අරමුණ නොවන බවත්, යුක්තිය හා සාධාරණය සඳහා බි‍්‍රතාන්‍යයන් කටයුතු කරන බවත් ය. උඩරට ජන නායකයා වූ ඇහැලෙපොළට රාජ්‍යය දෙන බවට ව්‍යංගයෙන් කළ ප‍්‍රකාශයක් ලෙස එය සිතිය හැකි ය. ඉංගී‍්‍රසීන් තමාට ප‍්‍රදානය කළ රන් පගෝදි ත්‍යාගය ද ප‍්‍රතික්ෂේප කළ මහ නිලමේ උදව්වක් කොට එයට මුදලින් ත්‍යාග භාර ගැනීම සිංහල සිරිත නොවන බැව් එඩිතර ව ප‍්‍රකාශ කළ බැව් “උඩරට රාජධානිය” (පිටු 127) කියයි. 1825 මැයි 14 දින “ඇලෙක්සැන්ඩර්” නෞකාවෙන් මහ නිලමේ මුරිසි දිවයිනට පිටමං කරනු ලැබී ය. බර්ට‍්‍රම් ආර්යාව විසින් ලියා පළ කළ Recollections of Seven Years Residence in the Mauritious ග‍්‍රන්ථයේ ඇහැලෙපොළ මහ නිලමේ ගැන මෙසේ සඳහන් වේ. “ඇහැලෙපොළ සෞම්‍ය පෙනුමකින් ද තැන්පත් එමෙන් ම තීක්ෂණ බුද්ධියකින් ද යුත් කෙනකු බැව් එක්වරට ම නොපෙනේ. එහෙත් ඔහු නිහතමාන, කාරුණික පුද්ගලයෙකි. ශරීර ශක්තිය හීන වූ දුර්වල අහිංසක පෙනුමක් ඔහුට තිබිණි. ඔහු කුඩා දරුවන්ට පි‍්‍රය කළ අතර, මගේ කුඩා දියණියන් උකුලේ වාඩි කරවා ගෙන සුරතල් කෙළේ ය. කිකිළි බිජු තරම් විශාල රත්රන් කැටවලින් සෑදූ අගනා මාලයක් ඔහු ගෙල පැලැඳ සිටි අතර, එය නියත වශයෙන් ම රත්රන් මාලයක් නම් විශාල වටිනාකමක් ඇති එකක් විය යුතු ය. උඩරැටියන් විසින් උඩරට පාලනය කිරීම පිණිස නව රාජ්‍ය පිළිවෙතක් ඔහු අපේක්ෂා කළ නමුත්, බි‍්‍රතාන්‍ය පාලකයන් ගේ වංක භාවය නිසා ඒ අදහස මල් පල හට ගත්තේ නැත. කෲර වඩිග පාලනයෙන් රටත් දැයත් ගලවා ගත් අයෝමය වීරයා ලෙස ජන හදවත් තුළ පැල පදියම් වූ ඇහැලෙපොළ මහ ඬලමේ කි‍්‍ර.ව. 1829 අපේ‍්‍රල් 05 වැනි දින මුරිසි දිවයිනේ පම්පලමවුස් ග‍්‍රාමයේ පිහිටි රැඳවුම් නිවසේ දී අවසන් හුස්ම හෙළුවේ ය. එතුමා සිහි වීම පිණිස දර්ශනීය සොහොන් කොතක් ද එහි ඉදි කර ඇත. පසු කලෙක දොන් කොස්මෝ විජයසේකර මුදලිඳු ගේ දියණියන් විජයමුනි විජයසුන්දර බ‍්‍රාහ්මණ මුදියන්සේට විවාහ කර දුන් අවස්ථාවේ කටුගහ වලව්ව දී දායාදයට දුන් අතර, බින්න විවාහ ක‍්‍රමය අනුව ඒ නව යුවළ කටුගහ වලව්වේ ම පදිංචි වූහ. විජයසුන්දර බ‍්‍රාහ්මණ මුදලි ගේ දෙටු පුත‍්‍රයා මාතලේ ඇහැලේපොළ දිසාව ලෙස රාජ සේවයට පත් වූ අතර, ඇහැලේපොළ පරපුරේ ආදි පුරුෂයා ලෙස ඉතිහාසයට එක් වී ඇත. (ඌව ඉතිහාසය 31) වැලිතොට බ‍්‍රාහ්මණවත්ත වලව්වේ දොන් නන්දිරිස් විජේසේකර මුදලිවරයා දොන් කොස්මෝ විජයසේකර මුදලිඳු ගේ පියා වන අතර, ඒ දඬුවාව ගැහැනු දිසාව කොස්මෝ විජයසේකර මුදලිඳු ගේ සොහොයුරිය යි. (Step Sisiter) මේ විජයසේකර පවුල කීර්තිමත් බ‍්‍රාහ්මණ වංශික පවුලකි. කන්ද උඩරට සමාජ සංවිධානය (පිටු 75-76-82) කටුගහ බණ්ඩාරනායක පරපුර, පිළිමතලව්වේ අරාවෙ බ‍්‍රාහ්මණ පරපුර, මොණරවිල දන්ත බ‍්‍රාහ්මණ පරපුර, මෙම පවුලට සම්බන්ධ ප‍්‍රභූවරු වෙති. මෙවැනි සම්භාව්‍ය පාරම්පරික සමාජ තත්ත්වයක් ඇහැලෙපොළ මහ නිලමේට තිබුණු අතර, එවැනි ශක්තිමත් පසුබිමක් ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුටවත් නො තිබිණි. පොදු ජන හිත සුව පිණිස රජු සේවය නොකරයි නම් රාජ්‍ය පාලනය භාර ගැනීම මහා භාරත වාසී බුද්ධිමත් බ‍්‍රාහ්මණ ප‍්‍රභූවරුන් ගේ පැරැණි චාරිත‍්‍රයකි. ඇහැලේපොළ මහ නිලමේ ද ඒ ඉපැරැණි චාරිත‍්‍රය ඉටු කිරීම පිණිස බිහි වූ වීරයකු ලෙස සිතිය හැකි ය. ඔහු ගේ ව්‍යායාමය අසාර්ථක වූයේ ඉංගි‍්‍රසි අධිරාජ්‍යවාදීන් ගේ වංචනික කි‍්‍රයා කලාපය නිසා බැව් කිය යුතු ය. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ ගේ මාපියන් කවුරුද කියාවත් නිශ්චය වශයෙන් තව ම කිය නො හැකි බැව් ශී‍්‍රමතී දේවරාජ (උඩරට රාජධානිය පිටු 61) කියයි. ඔහුට පියකරු පෙනුම හැර වෙනත් කිසි ම සුදුසුකමක් නො වී යයි ජෝන් ඩේව් (An Account of the Interior of Ceylon P.312) පවසා ඇත. දීප්තිමත් ඉතිහාසයක් ඇති සටන් කාමි බ‍්‍රාහ්මණ සම්භවයකින් යුත් වීර පුරුෂයකු නිසා ම ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුට විරුද්ධ ව ප‍්‍රසිද්ධියේ සටන් වැදීමට තරම් ඇහැලෙපොළ මහ නිලමේ නිර්භීත පුද්ගලයෙක් විය. ඒ නිර්භීත කි‍්‍රයාව සඳහා ඉදිරිපත් වීමට ඇහැලේපොළ මහ නිලමේ හැර වෙනත් කිසිදු රදළයෙක් සමත් නොවීම සාකච්ඡාවට භාජන කළ යුතු ප‍්‍රශ්නයකි. වඩිග රජු ගේ කෘර පාලනයෙන් රටත් ජාතියත් මුදා ගැනීම පිණිස 1814 මැයි මාසයේ දී ඇහැලේපොළ මහ නිලමේ ගේ ප‍්‍රධානත්වයෙන් සබරගමුවේ කැරැල්ල ආරම්භ කළේ එබැවිනි. වඩුග පාලනයට විරුද්ධ ව පැන නැඟුණු පළමුවැනි මහා කැරැල්ල එය විය. පළමුවැනි වඩිග රජු වූ ශී‍්‍ර විජය රාජසිංහ (කි‍්‍ර.ව. 1739) රජුට විරුද්ධ ව ප‍්‍රබල කුමන්ත‍්‍රණයක් කළ මුරුණ්ඩු ක්‍ෂති‍්‍රය වංශික මිල්ලව කුමාර බණ්ඩාර වීරයා විවාහ වී සිටියේ ද ඇහැලේපොළ පරපුරට සම්බන්ධ තියඩෝර් විජයසේකර මුදලිදු ගේ දියණියන් සමඟ ය. (කන්ද උඩරට සමාව සංවිධානය පිටු 100) මේ අනුව විමසා බලන විට මහ නිලමේ පමණක් නො ව ඒ පරපුරේ ආදී පුරුෂයන් ද වඩුග පාලනයට විරුද්ධව දේශපෙ‍්‍ර්මී පිරිසක් බැව් කිය හැකි ය. වඩුග යනු ප‍්‍රබල ක්‍ෂති‍්‍රය පිරිසක් නොවන බවත්, “නායක” නමින් විජයනගර් අධිරාජ්‍ය යුගයේ ප‍්‍රාදේශික පාලක පිරිසක් සිටි බවත්, උතුරු දෙසින් දකුණු දෙසට සංක‍්‍රමණය වූ මේ පිරිසට “වඩුක්කන්” හෙවත් වඩුග නම යෙදූ බවත්, එහි තේරුම උත්තර දේශයෙන් පැමිණි සංක‍්‍රමණිකයන් බවත් මැකන්සි ගේ අත් ලිපිවල සඳහන් වේ. මේ වඩිග පාලනය අවසන් කිරීම පිණිස දියත් කළ සබරගමුවේ කැරැල්ලට ඉංගී‍්‍රසීන්ගෙන් හා පහත රැටියන් ගෙන් ඇහැලේපොළ මහ නිලමේ ආධාර ඉල්ලූ නමුත්, ඉංගී‍්‍රසීන් ඒ ඉල්ලීමට සාධාරණ ප‍්‍රතිචාර දක්වා නැති බැව් කිය හැකි ය. කැරැල්ල සඳහා ප‍්‍රමාණවත් මහජන සහයෝගයක් නොලැබිණි. මේ කැරැල්ල මැඩීම පිණිස අභිනවයෙන් පත් කළ මහ අදිකාරම් මොල්ලිගොඩ සබරගමුවට පැමිණෙණන විට ඇහැලේපොළ මහ නිලමේ කොළඹ ගොස් ඉංගී‍්‍රසින් ගේ රැකවරණ ලැබූ බැව් සර් පෝල් ඊ. පීරිස් හා ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ගේ කෘතිවලින් පෙනී යයි. ඉංගී‍්‍රසින් ගේ ආධාර ලබා ගෙන උඩරට රජු යටත් කර ප‍්‍රදේශයේ පාලනය සියතට ගැනීම පිණිස ඇහැලෙපොළ මහ නිලමේ කොළඹ සිටි ඔහු ගේ ඥාතීන් සමඟත්, බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා සමඟත් නිල නොවන සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. (නිල්ගල වලව්වේ පෞද්ගලික ලිපි එකතුව 1830) කොළඹ මෝදර කාරළු වලව්ව, මරදානේ මාලිගාකන්ද වලව්ව, කළුතර නාගොඩ වලව්ව සහ වැලි තොට මහකප්පිත වලව්ව මේ රහස් සාකච්ඡා පැවැත්වූ ස්ථාන ලෙස සඳහන් වේ. ශී‍්‍රමත් ජෝන් ඩොයිලි ගේ මිත‍්‍රයකු වූ මුහන්දිරම් කොර්නේලිස් ද ආබ‍්‍රෘ රාජපක්‍ෂ, ගයිඩ් මුහන්දිරම්, දොන් ඒඩ්‍්‍රයන් විජේසිංහ ජයවර්ධන හෙවත් තම්බි මුදියන්සේ, ඒඩි‍්‍රයන් ද ආබෘ රාජපක්‍ෂ මහ මුදලි, කාර්ලෝ ඔබේසේකර වාසල මුදලි ආදීන් මේ රහස් සාකච්ඡාවලට සහභාගි වී ඇත. මහා සටන බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ඇහැලෙපොළට සම්බන්ධ කිරීමට ජෝන් ඩොයිලි ගේ උපදෙස් ද මේ මුදලිවරුන් ගේ පූර්ණ සහයෝගය ද ලැබිණි. තව ද, රජු ඇල්ලීමට සටන්කාමීන් 3000 ක ගෙන් යුත් බලකායක් ද පිළියෙල කර දීමට ඒ මුදලිවරුන් කටයුතු කර ඇත. කොළඹ, ගාල්ල, මීගමුව, මඩකලපුව හා ති‍්‍රකුණාමලය පෙදෙස්වල ජනතාව ඒකරාශි වී සංවිධානය වූ මේ බළ සෙනඟ කිසි ම සතුරු උපද්‍රවයකට ගොදුරු නො වී කන්ද උඩ පස් රටේ අගනුවර වූ සෙංකඩගල නුවර දෙසට ඇදී ඇත. (උඩරට රාජධානිය පිටු 120) තමන්ට විරුද්ධ ව පැන නැඟුණු ජන බලවේගයට මුහුණ පෑමට නොහැකි වූ රජ, සිය බිසෝවරුන් ද සමග දුම්බර මැද මහනුවරට පළා ගිය අතර ඇහැලෙපොළ ගේ ප‍්‍රධාන සගයා වූ එක්නැලිගොඩ නිලමේ ගේ නායකත්වයෙන් යුත් හමුදා සේනාංකයට 1815.02.18 දින අසු විණි. සබරගමුවේ කැරැල්ලට සහභාගි වූවන් 73 දෙනකුට කස පහර දී මරා දැමූ අතර, 43 ක් උල තබා මරණයට පත් කළහ. ඊට මාස කීපයකට පසු කෝරලේවරුන් 15 ක් ද, බෞද්ධ භික්ෂුවක ද මරණීය දණ්ඩනයට පත් කර ඇත. රජු සහ ඔහු ගේ සුවච කීකරු නව නිලමේවරුන් ගත් මේ කි‍්‍රයා කලාපයට කොතරම් පොදු ජන සිත් සතන් තුළට කා වැදී ගියේ ද කිවහොත් මුළු උඩරට ම ජාතික ශෝක දිනයක් ප‍්‍රකාශ කර දින දෙකක් නිරාහාර ව, නිවෙස් තුළ ගිනි දැල්වීමෙන් පවා වැලැකුණ බැව් “උඩරට රාජධානිය” (පිටු 119) කියයි. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු යටත් කර ගත් පසු “අප ලවා ම උඩරට ආණ්ඩු කරවන ජන සම්මත ආණ්ඩුවක් උඩරටට ඇති කර දී ඔවුන් පහත රට ආණ්ඩු කරන බවට ගොවැණිදෝරු තැන මා සමග දේවස්ථානයේ දී දිවුලේ ය” යි ඇහැලොපොළ උඩරට නිලමේවරුන්ට ශක වර්ෂ 1737 වැන්නෙහි නවම් මස පුර දශවක් දින දී ලියා ඇති (මධ්‍යම ලංකා පුරා වෘත්ත පිටු 151 – 150) ලිපියෙහි සඳහන් වේ. උඩරැටියන් පාලනය කරන රජයක් උඩරටට ලබා ගැනීම ඔහු ගේ අපේක්‍ෂාව බැව් මෙයින් තහවුරු වේ. උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඇහැලෙපොළට ඉංගී‍්‍රසි රජය ප‍්‍රදානය කළ මහ අදිකාරම් තනතුර එතුමා ප‍්‍රතික්‍ෂේප කෙළේ ඊටත් වඩා වැඩි තනතුරක් බලාපොරොත්තුවෙන් යයි ශී‍්‍රමත් ජෝන් ඩොයිලි (කන්ද උඩරට සමාජ සංවිධානය පිටු 25) කියයි. උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙරත්, ඉංගී‍්‍රසින්ට උඩරට රාජධානිය හුරු පුරුදු එමෙන් ම සිතට කයට සුව දායක ප‍්‍රදේශයක් විය. කි‍්‍ර.ව. 1803 දී උඩරට රදළවරුන් ගේ උපකාරයෙන් මාතලේ මැක් ඩෝවල් කොටුව ඉදි කළේ ඒ ගිවිසුමට වර්ෂ 12 කට පූර්වයේ ය. 1812 මාර්තු 02 වැනි දින උඩරට ගිවිසුම අත්සන් කළ බැව් ඇතැම් ලේඛනවල සටහන් වුව ද එය නියත වශයෙන් අත්සන් කර තිබෙන්නේ මාර්තු 10 වන දා බැව් ශී‍්‍රමත් ජෝන් ඩොයිලි ගේ දින පොතක අනුව කිය හැකි ය. උඩරට ගිවිසුම ශී‍්‍ර ලංකාවේ සිංහල බෞද්ධ උරුමය සඳහන් එක ම රාජකීය ලියැවිල්ල වන අතර එය නීති විශාරදයන් ගේ කෙස් පැළෙන තර්කවලට මාතෘකාවක් වූ බැව් කිව යුතු ය. දෙපිටකාට්ටු ප‍්‍රතිපත්තියක් තිබුණු ඉංගී‍්‍රසි පාලකයන් ඒ උඩරට ගිවිසුම කිසිම බලයක් නැති ලේඛනයක් බවට පත් කිරීමට විවිධ අවස්ථාවල උත්සාහ ගෙන ඇත. (New Law Reports Vol.18 – PP 193- 213) කෙසේ වුව ද උඩරට ගිවිසුම ආරම්භයේ සිට එහි වගන්ති එකින් එක උල්ලංඝනය කළ ඉංගී‍්‍රසින් ගේ කපටි කි‍්‍රයා කලාපය ඇහැලෙපොළ මහ නිලමේ ගේ කෝපය වැඩි කිරීමට සමත් විය. ඇහැලෙපොළ මහ නිලමේ 1815 මාර්තු 23 දින ලස්කිරිඤ්ඤ හමුදාවේ අණ දෙන නිලධාරි පදවිය භාර ගත්තේ මන්දැ යි තර්කානුකූල ව සිතා බැලිය යුත්තකි. ඉංගී‍්‍රසින් යටතේ රජ කම (Sub King) බලාපොරොත්තු වූ මහ නිලමේ, පසු ව හමුදා සේනාංකයක ප‍්‍රධානයකු ලෙස වැඩ භාර ගත්තේ ඉංගී‍්‍රසීන්ට ද, ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුට දැක් වූ අන්දමේ ප‍්‍රතිචාරයක් දැක්වීමට ද යන්න විමසා බැලිය යුතු ය. ඌවේ මහ කැරැල්ල හජ්ජි මුහන්දිරමට සුවිශේෂ බලතල දීම ගැනත්, අය බදු බර උග‍්‍ර වීම නිසාත් අබෞද්ධ ඉංගී‍්‍රසි පාලකයන් සංඝරත්නයට හා බුදු සමයට නිසි ගෞරව නොදෙන නිසාත් විල්බාවේ ගේ නායකත්වයෙන් ඌවේ මහ කැරැල්ල ආරම්භ වූයේ මේ අභාග්‍ය සම්පන්න වකවානුවේ ය. ඒ කැරැල්ල මැඩ පැවැත්වීම පිණිස සිය මස්සිනා වූ මොණරවිල කැප්පිටිපොළ ඌවේ දිසාපති ලෙස පත් කර යැවීමට ඉංගී‍්‍රසි රජයට උපදෙස් ලැබුණේ ඇහැලේපොළ මහ නිලමේ ගෙනි. ඉහ වහා ගිය දේශ පෙ‍්‍ර්මියකු වූ මොණරවිල කැප්පිටිපොළ නිලමේ ඌවට යැව්වේ කැරැල්ල මර්දනය කිරීමට ද වර්ධනය කිරීමට ද යනු ඉංගී‍්‍රසින්ට පසු ව දැන ගැනීමට හැකි විණි. මේ අතර උඩරට මෙන් ම පහත රටත් ජනතාව ගේ සාකච්ඡාවට භාජන වූයේ ඇහැලෙපොළ මහ නිලමේට බි‍්‍රතාන්‍යයන් ගෙන් සිදු වූ අසාධාරණය යි. බ‍්‍රවුන්රිග් බයිබලයේ අත ගසා පල්ලියේ දී වූ පොරොන්දුව ඉටු නොකිරීම කාගේත් සැකයටත් කනස්සල්ලටත් හේතු විය. වෙල්ලස්සේ කැරැල්ල ආරම්භයේ දී ම තමා පහත රටට යවන්නැ යි ඇහැලෙපොළ මහ නිලමේ ඉංගී‍්‍රසි රජයෙන් ඉල්ලා සිටි නමුත්, බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ඒ ඉල්ලීමට සිය අවධානය යොමු කළේ නැත. ඔහු ගේ ප‍්‍රබල ඥාතීන් රැසක් පහත රට සිටින නිසා ඔහු පහත රටට යැවීම ඉබ්බා දියේ දැමීම වැනි දෙයක් ලෙස බ‍්‍රවුන්රිග් සිතුවා විය හැකි ය. වෙල්ලස්සේ කැරැල්ලේ අදිසි හස්තය ඇහැලෙපොළ මහ නිලමේ විය හැකි යයි බි‍්‍රතාන්‍යයන් සිතුවාට සැක නැත. ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර silumina./punkalasa/20071216
Posted on: Sun, 14 Jul 2013 10:35:42 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015