ඉන්ටර්සිටි එක්ස්ප්‍රස් - TopicsExpress



          

ඉන්ටර්සිටි එක්ස්ප්‍රස් ට්‍රේන් එකට ගොඩ වී,වාත වේගයෙන් ස්ටේෂන් එකින් එක පසු කරමින් ගිය මගේ ගමනේ දී,ගමනේ වේගයෙන් ජනෙල් අතරින් රිංගා හමායන සුළං ධාරාවෝ මා කේෂ කලාපය ප්‍රකම්පනය කලෝය. tom cruise, shah ruk khan, brad pit වැන්නවුන්ගේ එසේ නළියන කෙස් වැටි සිනමාවෙන් මා දැක ඇති බැවින් මගෙත් එසේ වන්නේ යයි එක ගැම්මට සිතමින් , වේදිකාවල රැඳී හුන් අසරණ ජනතාවට පොර සේ අත වන වනා ගියෙමි, ට්‍රේනය නතර වූ කල යලි අපත ලුක් එක ආ බැවින් මට යථා අවබෝධය ඇති විනි,එබැවින් තවත් කල් නොයවා මම ගෙදර ආමි. පොරත්වය හිරු දුටු පිනි මෙන් පලා ගියේය.
Posted on: Sat, 06 Jul 2013 17:41:34 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015