ජනාධිපතිවරණය පිළිබඳ - TopicsExpress



          

ජනාධිපතිවරණය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රකාශය… ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ නිසා ජනවාරි 8 වැනි දා මැතිවරණයේදී අප සියලූ දෙනාට මෙරට පුරවැසියන් ලෙස අපගේ ඡන්දය භාවිත කිරීමට සිදුවනු ඇත. ගැඹුරින් කරුණු සලකා බලා අප එළඹගත් නිගමනය වන්නේ අපේ රට අනාගත පරම්පරා කෙරෙහි තීරණාත්මක බලපෑම් ඇති කරන්නා වූ ඓතිහාසිකව වැදගත් සන්ධිස්ථානයකට එළඹ ඇති බවය. අප අපේක්ෂා කරන සියලූ වෙනස්කම් එක් රැුයකින් හෝ හුදෙක් ආණ්ඩු මාරුවකින් දිනාගත හැකියයි විස්වාස නොකරන අපි මෙම එළඹෙන ජනාධිපතිවරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදය නීතියේ පාලනය යහපාලනය සහ සමාජ සාධාරණය සම්බන්ධ ගැටලූ ආමන්ත‍්‍රණයට කුඩා අවකාශයක් උදා කර ඇතැයිද සිතමු. පසුගිය දශකය තුළ නීතියේ පාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය පිළිබඳ ප‍්‍රමිතීන් සහ ප‍්‍රතිමානවල බිඳ වැටීමක් සිදු වූ බවත් දේශපාලන බලය සහ ආර්ථික බලය ඉතා කුඩා කණ්ඩායමක් අත සංකේන්ද්‍රණය වූ බවත් අපි දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරමු. මේ තත්වය පහත සඳහන් ක්ෂේත‍්‍රයන්හි දැකිය හැකි විය: * අධිකරණ ක්ෂේත‍්‍රය සම්පූර්ණයෙන්ම පාහේ දේශපාලණීකරණය වීමල අධිකරණ පද්ධතිය තම වාසිය පිණිස අවභාවිත කිරීම අර්බුදකාරී උපරිමයක් කරා ගමන් කළේ හිටපු අග‍්‍රවිනිශ්චයකාරවරිය නීතිවිරෝධී ලෙස දෝෂාභියෝගයකට ලක්කිරීම නිසාය. * පොලීසිය දේශපාලනික වශයෙන් පාලනය කිරීම, පොලීසියේ මහජන වගවීමක් නොමැතිකම, පොලිස් නිලධාරින් විසින් කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් දරුණු මට්ටකම පැවතීම * ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සහ නිදහස් මාධ්‍ය මර්දනය කිරීම * පාලක ප‍්‍රභූ පිරිස අත සංකේන්ද්‍රණය වී ඇති රාජ්‍ය ආයතන සහ සේවාවල බිඳවැටීම. මෙම ආයතන සහ සේවා වෙත ප‍්‍රවේශවීමට අපට ඇති හැකියාව සීමා කර ඇත්තේ එම ආයතන සහ සේවා ලබා ගැනීමේ හැකියාව බලපෑම සහ බලය යෙදීමේ හැකියාව මත තීරණය වන නිසාය. මේ නිසා රාජ්‍ය සේවකයෝ දේශපාලන අතපෙවීම්වලට ලක් කෙරෙන අතර යම් ආකාරයක ස්වාධීනත්වයක් පෙන්නුම් කරන්නට නිර්භීත වන රාජ්‍ය සේවකයෝ දේශපාලනිකව ගොදුරු කරනු ලැබෙති. * දුර්වල පාලනය, හැකිලූණු ශාස්තී‍්‍රය ස්වාධීනත්වය සහ අත්‍යවශ්‍ය ප‍්‍රතිපාදන නොමැතිකම නිසා ක‍්‍රියාකාරීව පැවතීම පිණිස දුෂ්කර ක‍්‍රියාවක යෙදෙන විශ්වවිද්‍යාල දේශපාලනීකරණය කිරීම. * ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය වැඩිවීම. සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් ලබාගැනීමට දුප්පතුන්ට ඇති එකම මූලාශ‍්‍රය රාජ්‍ය අංශය වුවත් ඔවුන් වැඩිවැඩියෙන් ආන්තිකකරණයටද පෞද්ගලික අංශය වෙතද තල්ලූ කරනු ලැබේ. * ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික විවිධත්වය නොඉවසීම එන්න එන්නම වර්ධනයවීම. පාලක ප‍්‍රභූන්ගේ හෙජමනිය පවත්වා ගැනීම සඳහා ආගමික නොඉවසීම ලජ්ජා සහගත ලෙස වර්ධනය කිරීම. සප‍්‍රජාවන් සහ කණ්ඩායම් අතර අවිස්වාසය ඇතිවීම සහ සු`එජාතිකයන්ගේ අයිතිවාසිකම් කඩවීම වේගයෙන් වර්ධනයවීම. * ආර්ථික ව්‍යාපෘති හා සම්බන්ධ නාස්තිය සහ දේශපාලනීකරණය වූ ව්‍යාපාර මාෆියාවක් නිර්මාණය කිරීම. * මැතිවරණ නීතීන් උල්ලංඝනය කිරීම- නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කළ නොහැකි තත්වයට පත් කරමින් කිසිම දණ්ඩනයකට යටත් නොවී මැතිවරණ නීති සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීම ඉහත සඳහන් කාරණා පමණක් නොව රටේ අනාගතයද සුපරික්ෂාකාරීව සලකා බලමින් එළඹෙන මැතිවරණයේදී තම පුරවැසි වගකීම ඉටු කරන ලෙසට අපි අපගේ සහෝදර පුරවැසියන් පොළඹවන්නට කැමැත්තෙමු. ජනතාවට තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර තහවුරු කරගත හැක්කේ ජනතාව බලය කි‍්‍රයාවට නැංවීමෙන්ම පමණි. අප සියලූ දෙනාටම අනාගත පරම්පරාවල නාමයෙන් තීරණාත්මක ලෙස ක‍්‍රියා කරන්නටත් අපේ වටිනා ඡුන්දය පහත සඳහන් කාරණා වෙත කැප වූ අපේක්ෂකයෙකු වෙනුවෙන් භාවිත කරන්නටත් කාලය පැමිණ ඇත: * පහත සඳහන් දේට ප‍්‍රමුඛතාව දෙන එහෙත් හුදෙක් ඒවාට පමණක් සීමා නොවන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වෙත එළඹීම: - විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම - යාවජීව ජනාධිපති ධුරයකට දොර විවර කරන 18 වැනි සංශෝධනය අහෝසි කිරීම - අධිකරණය රාජ්‍ය සේවය සහ පොලීසිය වෙත සු`එ හෝ ස්වාධීනත්වයක් තහවුරු කළ 17 වැනි සංශෝධනය නැවත පිහිටුවීම * සාධාරණය සහිත සාමය සහ ප‍්‍රතිසන්ධානය දිරිගැන්වීමට සංයුක්ත සහ අර්ථසම්පන්න පියවර ගැනීම සහ විතැන් වූ සියලු ජනයා තමන්ගේ මුල් පදිංචි ස්ථානවල යලි පදිංචි කරවීමග * රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුවේ වැයකිරීම් ලෙස දළදේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම සහ රාජ්‍ය අධ්‍යාපනයේ ගුණය සහ ප‍්‍රමිතිය සහතික කිරීම * මහජන සෞඛ්‍යය වෙනුවෙන් කරන රාජ්‍ය වියදම් විශාල වශයෙන් වැඩි කිරීම සහ රාජ්‍ය සෞඛ්‍ය සේවයේ ගුණය සහ ප‍්‍රමිතිය තහවුරු කරන පියවර ගැනීම * විදේශ සම්බන්ධතා, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ අනිකුත් වැදගත් අංශ පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තීන් ස්ථාපිත කිරීම සහ මෙම අංශ ඒවාට අදාළ වෘත්තිකයන්ගේ සේවය යටතට පත් කිරීම * තොරතුරු පිළිබඳ අයිතිය ආරක්ෂා කරන පනතක් ක‍්‍රියාවට දැමීම * මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම * දූෂණයල අල්ලස සහ නාස්තියද ව්‍යාපාර මාෆියාවද නැති කිරීම * රාජ්‍ය සේවය සහ ව්‍යාපාර අංශ නිර්දේශපාලනීකරණය කිරීම * ඥාතිසංග‍්‍රහයෙන් සහ බල අපයෝජනයෙන් තොර යහපාලනයක් ඇති කිරීම එසේම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සහතික කරන මෙන්ද මැතිවරණ නීති උල්ලංඝනයන් වලක්වන්නට මැදිහත් වන ලෙසද අදාළ සියලූ දෙනාගේ ආරක්ෂාව සහතික කරන ලෙසද අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන්ද බලවත් සේ ඉල්ලා සිිටිමු. ඉහත සඳහන් කාරණා වෙත කැපවීමට තරම් වගකීමෙන් යුතු අය මත අප බලපෑම් කරන අතර මෙකී යෝජිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ ප‍්‍රතිපත්ති වෙනස්කම් කිරීම පිණිස ජනාධිපතිවරණයෙන් පසුවද කටයුතු කරන්නට අපි කැපවෙමු. අත්සන් කළ අයගේ නම් ලැයිස්තුව :PROF. S. B. S. ABAYAKOON UNIVERSITY OF PERADENIYA DR. UPUL ABEYRATHNE UNIVERSITY OF RUHUNA MR. H. V. D. I. ABEYWICKRAMA UNIVERSITY OF RUHUNA DR. S. K. M. ALI UNIVERSITY OF RUHUNA DR. CHANDANA ALUTHGE UNIVERSITY OF COLOMBO DR. LIYANAGE AMARAKEERTHI UNIVERSITY OF PERADENIYA DR. HARINI AMARASURIYA OPEN UNIVERSITY OF SRI LANKA VEN. UDUHAWARA ANANDA UNIVERSITY OF COLOMBO MR. P. T. K. ARACHCHIGE UNIVERSITY OF RUHUNA DR. A. K. S. ARAMABAWATHTHA UNIVERSITY OF PERADENIYA PROF. S.A ARIADURAI OPEN UNIVERSITY OF SRI LANKA DR. MOJITH ARIYARATNE UNIVERSITY OF PERADENIYA VEN. T. ARIYAWIMALA UNIVERSITY OF RUHUNA PROF. D. ATAPATTU UNIVERSITY OF RUHUNA DR. S. BADUGE UNIVERSITY OF RUHUNA PROF. H. M. N. BANDARA UNIVERSITY OF PERADENIYA DR. S. BANNEHEKE UNIVERSITY OF PERADENIYA MS K BULUMULLE OPEN UNIVERSITY OF SRI LANKA DR. D.P CHANDIMA UNIVERSITY OF MORATUWA DR. A. J. M. CHANDRADASA UNIVERSITY OF RUHUNA MR. D. C. CHANDRASIRI UNIVERSITY OF RUHUNA PROF. H. W. CYRIL UNIVERSITY OF PERADENIYA PROF. KUMAR DAVID FORMERLY HONG KONG POLYTECHNIC UNIV. MR. W. K. R. DAYALATHA UNIVERSITY OF RUHUNA MR. RAVI DE MEL OPEN UNIVERSITY OF SRI LANKA DR. S. DE MEL UNIVERSITY OF PERADENIYA MS. D. M. R. DEEPIKA UNIVERSITY OF RUHUNA PROF G DELKUMBUREWATTE OPEN UNIVERSITY OF SRI LANKA DR. R. M. K. DESHAPRIYA UNIVERSITY OF PERADENIYA DR. NIRMAL RANJITH DEWASIRI UNIVERSITY OF COLOMBO PROF. W. P. S. DIAS UNIVERSITY OF MORATUWA MR. D. D. DIAS UNIVERSITY OF PERADENIYA MS. M. G. M. DILRUKSHI UNIVERSITY OF RUHUNA MS. P. K. C. DINESHA UNIVERSITY OF RUHUNA PROF. LAKSHMAN DISSANAYAKE UNIVERISTY OF COLOMBO DR. G. EDIRISINGHE UNIVERSITY OF RUHUNA DR. W. P. D. FERNANDO UNIVERSITY OF PERADENIYA PROF ROHAN FERNANDO OPEN UNIVERSITY OF SRI LANKA DR. MICHAEL FERNANDO FORMERLY UNIVERSITY OF PERADENIYA DR THEODORE FERNANDO OPEN UNIVERSITY OF SRI LANKA PROF. LALITH S. FERNANDO UNIVERSITY OF SRI JAYAWARDENAPURA MR. W. M. N. FERNANDO UNIVERSITY OF SRI JAYAWARDENAPURA DR. ANIL FERNANDO UNIVERSITY OF SRI JAYAWARDENAPURA MR. WIJITH HERATH FERNANDO UNIVERSITY OF KELANIYA PROF. E. A. G. FONSEKA UNIVERSITY OF RUHUNA MR. KRISHANTHA FREDRICKS UNIVERSITY OF COLOMBO MR. KASUN GAJASINGHE UNIVERSITY OF PERADENIYA DR. RUWAN GALLAGE UNIVERSITY OF RUHUNA MR. INDU GAMAGE UNIVERSITY OF RUHUNA MS. LAKMINI GAMAGE UNIVERSITY OF RUHUNA DR V.V. GANESHANANTHAN HARVARD UNIVERSITY PROF. SAVITRI GOONESEKERE FORMERLY UNIVERSITY OF COLOMBO MR. K. G. P. V. GUNARATHNA UNIVERSITY OF RUHUNA MR. R. R. P. K. GUNARATHNA UNIVERSITY OF RUHUNA DR. S. GUNARATHNE UNIVERSITY OF PERADENIYA MR CHANDIKA GUNASINGHE UNIVERSITY OF RUHUNA MR. RUVAN GUNAWARDANE UNIVERSITY OF RUHUNA DR. R. D. GUNERATNE UNIVERSITY OF COLOMBO PROF. CAMENA GUNERATNE OPEN UNIVERSITY OF SRI LANKA PROF. DILENI GUNEWARDENA UNIVERSITY OF PERADENIYA DR. RANGIKA HALWATURA UNIVERSITY OF MORATUWA DR. FARZANA HANIFFA UNIVERSITY OF COLOMBO MR. E. H. M. HEENBANDA UNIVERSITY OF RUHUNA MR. G. P. T. S. HEMAKUMARA UNIVERSITY OF RUHUNA DR. K. R. B. HERATH UNIVERSITY OF PERADENIYA DR SHYAMANI HETTIARACHCHI UNIVERSITY OF KELANIYA DR S.R HETTIARACHCHI OPEN UNIVERSITY OF SRI LANKA DR. N. K. HETTIARACHCHI UNIVERSITY OF RUHUNA DR. J. HEWAGE UNIVERSITY OF RUHUNA PROF. P. HEWAGE UNIVERSITY OF RUHUNA DR. RAJAN HOOLE UNIVERSITY OF JAFFNA DR. KIRUPA HOOLE UNIVERSITY OF JAFFNA MR J.H.S.K. JAYAMAHA OPEN UNIVERSITY OF SRI LANKA MS. R. JAYANETHTHI UNIVERSITY OF PERADENIYA MR. G. G. JAYARATHNE UNIVERSITY OF MORATUWA DR. T. JAYASINGHAM EASTERN UNIVERSITY OF SRI LANKA DR. R. D. JAYASINGHE UNIVERSITY OF PERADENIYA DR. PRABHATH JAYASINGHE UNIVERSITY OF COLOMBO DR. R. JAYASINGHE UNIVERSITY OF PERADENIYA DR. VAJIRA JAYASINGHE UNIVERSITY OF PERADENIYA DR. B. C. JAYAWARDANA UNIVERSITY OF PERADENIYA PROF. U. DE. S. JAYAWARDENA UNIVERSITY OF PERADENIYA DR. JANAKI JAYAWARDENA UNIVERISTY OF COLOMBO DR. ANANDA JAYAWICKRAMA UNIVERSITY OF PERADENIYA MS. H. A. C. JEEWANTHI UNIVERSITY OF RUHUNA DR. SILAN KADIRGAMAR UNIVERSITY OF JAFFNA MR. S. KAHANDAGAMAGE UNIVERSITY OF RUHUNA DR. PAVITHRA KAILASAPATHY UNIVERSITY OF COLOMBO DR. D. KARUNANAYAKE UNIVERSITY OF PERADENIYA MR. M. S. M. KARUNARATHNE UNIVERSITY OF RUHUNA DR. A. H. G. K. KARUNARATHTHNA UNIVERSITY OF SRI JAYAWARDENAPURA MR. A. C. KARUNARATNA UNIVERSITY OF RUHUNA DR. D. G. G. P. KARUNARATNE UNIVERSITY OF PERADENIYA MR. NANDASIRI KEEMBIYAHETTI UNIVERSITY OF RUHUNA PROF G. KEERAWELLA UNIVERSITY OF PERADENIYA DR. S.I. KEETHAPONCALAN UNIVERSITY OF SALISBURY DR. S. P. KODITUWAKKU UNIVERSITY OF PERADENIYA DR. SHAMALA KUMAR UNIVERSITY OF PERADENIYA PROF. VIJAY KUMAR FORMERLY UNIVERSITY OF PERADENIYA PROF. N. S. KUMAR FORMERLY UNIVERSITY OF PERADENIYA DR. KUMUDU KUSUM KUMARA UNIVERSITY OF COLOMBO MR. W. A. M. KUMARA UNIVERSITY OF RUHUNA DR. P. A. P.S. KUMARA UNIVERSITY OF RUHUNA PROF. AMAL S. KUMARAGE UNIVERSITY OF MORATUWA DR. PIVITHURU KUMARASINGHE UNIVERSITY OF SRI JAYAWARDENAPURA MR. W. M. R. LAKSIRI UNIVERSITY OF RUHUNA MRS. R. LIYANAGE UNIVERSITY OF PERADENIYA PROF. R. P. MAHALIAYANAARACHCHI SABARAGAMUWA UNIVERSITY MR. R. MAHESWARAN UNIVERSITY OF PERADENIYA VEN.DR. U. MAHINDA UNIVERSITY OF RUHUNA DR. D. H. S. MAITHRIPALA UNIVERSITY OF PERADENIYA VEN. MAKOLA MANGALA UNIVERSITY OF RUHUNA DR. A. MANIPURA UNIVERSITY OF PERADENIYA MR. S. MANTILLAKE UNIVERSITY OF PERADENIYA MS. PRABHA MANURATNE UNIVERSITY OF KELANIYA DR. A. L. M. MAUROOF UNIVERSITY OF PERADENIYA DR. VIVIMARIE V. MEDWATTEGEDERA OPEN UNIVERSITY OF SRI LANKA DR. MADHAVA MEEGASKUMBURA UNIVERSITY OF PERADENIYA DR. R. MEEGASKUMBURA UNIVERSITY OF PERADENIYA PROF. NAYANI MELAGODA UNIVERISTY OF COLOMBO DR. MAHIM MENDIS OPEN UNIVERSITY OF SRI LANKA DR. IRESHA MENDIS UNIVERSITY OF PERADENIYA DR N. MORAIS OPEN UNIVERSITY OF SRI LANKA MR. M. S. NANAYAKKARA UNIVERSITY OF RUHUNA DR. B. G. T. L. NANDASENA UNIVERSITY OF PERADENIYA PROF. A. M. NAVARATNA BANDARA UNIVERSITY OF PERADENIYA DR VASUKI NESIAH NEW YORK UNIVERSITY MR. S. N. NILES UNIVERSITY OF MORATUWA PROF. MAHESAN NIRANJAN UNIVERSITY OF SOUTHAMPTON MR. K. S. G. S. NISHANTHA UNIVERSITY OF RUHUNA PROF. M. A. NUHMAN UNIVERSITY OF PERADENIYA PROF. GANANATH OBEYESEKERE FORMERLY PRINCETON UNIVERSITY PROF. RANJINI OBEYESEKERE FORMERLY PRINCETON UNIVERSITY DR. R. PALAMAKUMBURA UNIVERSITY OF PERADENIYA MR. W. A. PALITHA UNIVERSITY OF RUHUNA DR. R. W. PALLEGAMA UNIVERSITY OF PERADENIYA DR. GIHAN PANAGODA UNIVERSITY OF PERADENIYA MR. UPALI PANNILAGE UNIVERSITY OF RUHUNA PROF. A. PARAKRAMA UNIVERSITY OF PERADENIYA DR. M. P. PARANAGAMA UNIVERSITY OF PERADENIYA DR. DHARMASENA PATHIRAJA FORMERLY UNIVERISTY OF COLOMBO PROF. S. D. PATHIRANA UNIVERSITY OF PERADENIYA MR. L. K. K. PEIRIS UNIVERSITY OF RUHUNA DR. H. R. D. PEIRIS UNIVERSITY OF PERADENIYA DR. P. PERERA UNIVERSITY OF PERADENIYA MR. K. E. D. PERERA UNIVERSITY OF RUHUNA DR M.E.R PERERA OPEN UNIVERSITY OF SRI LANKA PROF. KAPILA PERERA UNIVERSITY OF MORATUWA DR. HIMAN PUNCHIHEWA UNIVERSITY OF MORATUWA DR. D. D. J. PUNCHIHEWA UNIVERSITY OF SRI JAYAWARDENAPURA MR. A. RAJAPAKSHA UNIVERSITY OF PERADENIYA MR. W. P. S. RAJAPAKSHA UNIVERSITY OF RUHUNA PROF. R. M. G. RAJAPAKSHE UNIVERSITY OF PERADENIYA PROF. DHARMA RAJAPAKSHE UNIVERSITY OF RUHUNA MR. K. H. RAMANAYAKE UNIVERSITY OF RUHUNA DR. H. RAMBUKWELLA OPEN UNIVERSITY OF SRI LANKA MR. R. A. S. P. RANABAHU UNIVERSITY OF RUHUNA DR. D. RANDENIYA UNIVERSITY OF PERADENIYA MR. S. RASNAYAKE UNIVERSITY OF PERADENIYA MR. R. M. D. D. RATHNAYAKE UNIVERSITY OF RUHUNA MR SITHUMINI RATNAMALALA UNIVERSITY OF MORATUWA DR. A. C. RATNAWEERA UNIVERSITY OF PERADENIYA DR. PRASANNA RATNAWEERA OPEN UNIVERSITY OF SRI LANKA MR. ROHANA RATNAYAKE OPEN UNIVERSITY OF SRI LANKA DR. ANURA RATNAYAKE UNIVERSITY OF RUHUNA MR. L. K. G. ROSHANA UNIVERSITY OF RUHUNA DR. A. J. RUHUNUHEWA UNIVERSITY OF RUHUNA DR. T. S. SAMARAKOON UNIVERSITY OF PERADENIYA ATTONEY-AT-LAW D. SAMARARATNE UNIVERSITY OF COLOMBO PROF. GAMEELA SAMARASINGHE UNIVERSITY OF COLOMBO MS. TANUJA SANDANAYAKE UNIVERSITY OF MORATUWA MR. A. P. SANTHASIRI UNIVERSITY OF RUHUNA DR. I. M. S. SATHYAPRASAD UNIVERSITY OF PERADENIYA DR. NIHAL SENANAYAKE OPEN UNIVERSITY OF SRI LANKA MR. G. SENARATH UNIVERSITY OF RUHUNA DR. HINIDUMA SUNIL SENEVI SABARAGAMUWA UNIVERSITY PROF. K. G. S. C. SENEVIRATNE UNIVERSITY OF PERADENIYA PROF. REV. AGALAKADA SIRISUMANA UNIVERISTY OF COLOMBO DR. S. SIVAMOHAN UNIVERSITY OF PERADENIYA DR. DAYA SOMASUNDARAM UNIVERSITY OF JAFFNA DR. H. P. SOORIYAARACHCHI UNIVERSITY OF RUHUNA DR. H. N. S. SOYSA UNIVERSITY OF PERADENIYA DR. B. M. SUMANARATNE UNIVERSITY OF RUHUNA MR. CHANDRAGUPTHA THENUWARA UNIVERSITY OF VISUAL AND PERFORMING ARTS DR. SHARIKA THIRANAGAMA UNIVERSITY OF STANFORD MR. DAYAPALA THIRANAGAMA FORMERLY UNIVERSITY OF KELANIYA PROF. ASANGA TILAKARATNE UNIVERSITY OF COLOMBO DR. N. D. UDAGAMA UNIVERSITY OF PERADENIYA DR. D. UDAKARA UNIVERSITY OF PERADENIYA DR. ANURA UTHUNMANGE UNIVERSITY OF SRI JAYAWARDENAPURA PROF. JAYADEVA UYANGODA UNIVERISTY OF COLOMBO DR. VIDURA VITHANA UNIVERSITY OF RUHUNA PROF. MANJULA VITHANAPATHIRANA UNIVERSITY OF COLOMBO DR. L. D. SARATH VITHARANA UNIVERSITY OF KELANIYA VEN. N. WAJIRAGHANA UNIVERSITY OF RUHUNA PROF. K. S. WALGAMA UNIVERSITY OF PERADENIYA DR. S. K. WANNIARACHCHI UNIVERSITY OF RUHUNA PROF. S. WAWWAGE UNIVERSITY OF RUHUNA DR H.L.D WEERAHEWA OPEN UNIVERSITY OF SRI LANKA PROF. RUWAN WEERASEKERA UNIVERSITY OF MORATUWA DR. A. R. WEERASINGHE UNIVERSITY OF COLOMBO PROF. P. WICKRAMAGAMAGE UNIVERSITY OF PERADENIYA PROF. C. S. WICKRAMAGAMAGE UNIVERSITY OF PERADENIYA PROF. MAITHRI WICKRAMASINGHE UNIVERSITY OF KELANIYA DR. J. V. WIJAYAKULASOORIYA UNIVERSITY OF PERADENIYA MS. GAYATRI WIJEKOON UNIVERSITY OF PERADENIYA MR. S. WIJERATNE UNIVERSITY OF RUHUNA MR. WIMAL WIJESINGHE UNIVERSITY OF RUHUNA MR. W. A. N. D. WIJESINGHE UNIVERSITY OF RUHUNA MR. T. R. WIJESUNDARA UNIVERSITY OF RUHUNA DR. TILAK WIJESUNDARA UNIVERSITY OF RUHUNA PROF. R. L. WIJEYEWEERA UNIVERSITY OF PERADENIYA MR. N. A. WIMALASENA UNIVERSITY OF PERADENIYA MR. P. H. WIMALASIRI UNIVERSITY OF RUHUNA MR B.D. WITHARANA OPEN UNIVERSITY OF SRI LANKA
Posted on: Tue, 16 Dec 2014 09:56:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015