තෙලේනිස් සීයා අපෙන් - TopicsExpress



          

තෙලේනිස් සීයා අපෙන් ඉල්ලීමක් කලා ස්වයංරැකියාවක් කරන්න අවශ්‍ය උපකරණ ලබාදෙන්න කියලා. ඉතිං අපි ෆේස්බුක් මිතුරෝ එකතු කරගෙන ඒ සීයාට උදව් කලා... ----------------------------------------- අවුරුදු 60ක් වයස තෙලේනිස් කියන සීයා මේ ලියුම මට ලබාදෙන්න කියලා දියතලාවේ මගේ යාළුවගේ ගෙදරට දීලා තිබුණා. ඊයේ රාත‍්‍රියේ තමයි මට මේ ලියුම ලැබුණේ. පසුගිය නොවැම්බර් 16 වැනිදා අප සිදුකල ‘‘ගමටම තෑගි 2’’ වැඩසටහනට සහභාගී වූ ගමේ කෙනෙක්ගෙන් විස්තර දැනගෙන තමයි මේ සීයා මගෙන් උදව්වක් ඉල්ලගන්න කියලා මේ ලියුම ගෙනත්දීලා තියෙන්නේ. ‘‘ස්වයං රැකියාවක් සඳහායි’’ කියත් තහඩු වලින් පිහියා සෑදීමට ග‍්‍රයින්ඩරයක් සහ කියත් ගැනීමට මුදල් නැත. ඩබ්ලිව්. ජී තෙලේනිස්, ඇල්ලගම, දියතලාව මේ ලියුම ලියලා තියෙන්නේ ඒ සීයාමයි. ඒ සීයාගේ එක අතක ස්නායූ රෝගයක් තිබෙන අතර වැඩපල කර ගැනීමට තරමක් අපහසුයි. ඔහු දැනට දියතලාව හමුදා කඳවුරට හමුදා නිළධාරීන්ගේ බැටන් පොලු (Sticks for Officers) සහ පිහියා හදන ස්වයං රැකියාවක් කරනවා. ඔහුගේ පවුලේ බිරිඳ පමණයි ඉන්නේ. බොහොම අමාරුවෙන් අසරණව ජීවත්වෙන පවුලක්. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ සීයාට ග‍්‍රයින්ඩරයක් සහ කියත් තහඩු ගැනීමට උදව් කරන්න. ග‍්‍රයින්ඩරයක් රු.4800ක් පමණ වන අතර කියත් තහඩු වලට රු.3000ක් පමණ මුදලක් යනවා. මම හෙට දිනය දක්වා (දෙසැම්බර් 5) දියතලාවේ සිටින අතර අද හෝ හෙට දිනය ඇතුලත ඔබට මේ සඳහා සහය දීමට හැකි වුවහොත් මට සීයාට මේ දේවල් අරන් දීලාම එන්න පුළුවන්. පුළුවන්නම් යාළුවෝ කිහිප දෙනෙක් හරි එකතු වෙලා උදව් කරන්න. Visit the Project : https://facebook/events/1551376975080153/ Project ජීවනාලෝක | Jeewanaloka (ස්වයංරැකියා පුහුණු වැඩසටහන) දිළිඳු පවුල් දහසකට ඔවුන්ගේ ස්වශක්තියෙන්ම නැගී සිටීමට සවියක් වී ආර්ථික වශයෙන් ශක්තිමත්කර ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කිරීම..... ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශ වල දුෂ්කර ගම්මාන කිහිපයක් තෝරාගෙන ඔවුන්ට විවිධ වූ ස්වයං රැකියා පුහුණු කිරිම. උදා : ඉවත දමන ද්‍රව්‍ය වලින් විසිතුරු භාණ්ඩ නිර්මාණය වැනි... භාණ්ඩ නිෂ්පාදනය සඳහා ආරම්භයේදී අවශ්‍ය කරන මූලික අමුද්‍රව්‍ය සපයාදීම. නිෂ්පාදනය කරන භාණ්ඩ වලට දේශීය/විදේශීය වෙළදපොළක් සකස්කර දීම. පුහුණුව ලැබූ අය හරහා තවත් අය පුහුණු කරවීම. Join the Event : https://facebook/events/1456659501248250 An Idea By Danesh Maduranga Edirisooriya Project Name Suggested by Aruni Sugandika Samaranayake [Who is Danesh? Explore more : goo.gl/UDsSpO] [Want to be a friend of him? Add : https://facebook/Daneshmaduranga] ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කරන්නාවූ සත්කාරයකි... Visit : samajasathkara.lk/ A Project of B.H. Edirisooriya Community Service Foundation [https://facebook/B.H.EdirisooriyaFoundation]
Posted on: Sat, 06 Dec 2014 05:33:14 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015