පාපන්දු ක්‍රීඩකයකුගේ - TopicsExpress



          

පාපන්දු ක්‍රීඩකයකුගේ කටට කුරුළු වසුරු ප්‍රහාරයක් බ්‍රිතාන්‍ය ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයක් අතරතුර මැන්චෙස්ටර් යුනයිටඩ් පිලේ ක්‍රීඩකයකුගේ කටට කුරුල්ලෙකු වසුරු හෙලූ අපූරු සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මැන්චෙස්ටර් පිල සහ ස්වන්සි සිටි පිල අතරේ පැවති තරඟයක් අතරතුර 29 හැවිරිදි ඈෂ්ලි යංග් නම් ක්‍රීඩකයා මෙලෙස වසුරු ප්‍රහාරයට ලක්ව තිබේ. තරගය උණුසුම්වූ අවස්ථාවේ ඈෂ්ලි යංග් ක්‍රීඩකයකුට බැන වදිමින් සිටියදී පිටියට ඉහළින් පියාසර කරමින් සිටි කුරුල්ලා හෙලූ වසුරු ඔහුගේ කටට වැටී ඇත්තේ අහඹු ලෙසයි. බැන වදිමින් ක්‍රීඩා පිටියේ ඝෝෂාකාරීව හැසිරුණු හෙයින් කැමරාකරුවන්ගේ අවධානය ඈෂ්ලි යංග් කෙරෙහි යොමු වී තිබුණු අතර කුරුලු වසුරු ඔහුගේ කටට වැටෙද්දී එය ද කැමරා ඇසට හසුවී තිබේ. පහත දැක්වෙන්නේ ඊට අදාළ වීඩියෝ පටයයි. https://youtube/watch?v=nYiID87Nbwg
Posted on: Wed, 20 Aug 2014 06:39:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015