පවිත්‍රා - TopicsExpress



          

පවිත්‍රා පාර්ලිමේන්තුවට බොරු කියලා ! ලංකා විදුලි බල මන්ඩලයට රුපියල් කෝටි 150කට අධික අලාභයක් සිදුකරමින් නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇති වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇතැයි පසුගිය 23වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ විදුලි බල ඇමැතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය, ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, මෙය දූෂණයක් ලෙස හැඳින්විය නොහැකි බවයි. නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇති වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන්, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා කළ විමසීමකදී ඇය මේබව සඳහන් කළාය. පරීක්ෂණ පැවැත්වෙන්නේ 2012 වසරේ නෞකා 3 කින් ගෙන එනු ලැබූ ගල් අඟුරුවල ප‍්‍රමිතිය පිළිබඳව සහ නොරොච්චෝලේ බලාගාරයේ කඩාකප්පල්කාරී ක‍්‍රියා ගැන පමණක් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ප‍්‍රමිතියෙන් තොර ගල් අඟුරු තොගයක් පිළිබඳ පුවත්පතක පළවූ ලිපියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි. කෙසේවුවද, එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වූ පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ මෙම පාඩුව සිදුකළ වැරදිකරුවන් සොයා වහා දඬුවම් දිය යුතු බවයි. https://youtube/watch?v=knL4OiiK8Vc#t=11
Posted on: Wed, 29 Oct 2014 03:50:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015