පසුකථනය: අම්මෙ මං පරාදයි ! - TopicsExpress



          

පසුකථනය: අම්මෙ මං පරාදයි ! දුකක් නෙවෙයි ආවේගයක් තියෙනවා ! සිංහල කම ගැන ... ඒත් අම්මෙ මං මේ පාරෙ 2007 දී 2008 දී තනියෙම ඉස්කෝලෙ ගිය කාලෙ හැමදාම හිතේ තිබ්බ බය හෙටත් හිතේ තියේවි. එදා මගේ ඇස් ඉස්සරහ පිපුරුණු බෝම්බෙ සද්දෙ හෙටත් මට ඇහේවි කියල මට බයයි. එදා මගෙ යාළුවා බෝම්බෙට නැති වුණාම ඇස් වලට ආපු කඳුළු හෙටත් මගේ ඇස් වලට නැගේවි. රචනා තරඟෙට ගිහින් පිළියන්දල ගිහින් පිළියන්දල ඉඳන් බොරලැස්ගමුවට එන්න බැරුව බෑග් එකත් විසික් කරලා ආපස්සට ඉස්කෝලෙ ඇඳුමෙන් දුවපු හැටි මට මතකයි. බඩට වඩා මගේ බැඳීම් මට වටිනවා. පුද්ගලයෙක් වශයෙන් කෙනෙක් 100 % ක් හොඳ වෙන්න ඕන නෑ.මමත් හොඳ මනුස්සයෙක් නෙවෙයි. හැමදාම පන්සල එක්ක දවස ගෙවන මට මගේ කම වටිනවා. TNA එකට වත් SMLC වත් මං මගේ කැමැත්ත දුන්නෙ නෑ. ඒ නිසා මට සතුටුයි .. එක දෙයක් ... ❝ අද වෙනකන් වර්ග වාදය, ජාති වාදය ගැන කතා නොකළ මම, හෙට සිට මගේ #සිංහල ජාතිය හෝ #බුදුදහමට යම් හානියක් සිදුවුවහොත් ඒ පිළිබඳව කතා කිරීමට දෙවරක් හිතන්නෙ නෑ. මගේ ආගම ජාතිය වෙනුවෙන් මේ මොහොතේ ඉඳන් මං ජාතිවාදියෙක් ! නොඑසේ නම් ආගම් වාදියෙක් ! ❞ මැතිවරණයට කලියෙන් ගොඩක් ලොකුවට ඡන්දෙ ගැන කතා කලාට මගේ මතය ගැන මං ඒ තරම්ම කතා කලේ නැහැ. එත් අද පසුකථනය කරන්න හිතුනෙ ඒ ගැන, මගේ ජිවිතේ තීරණ වල අයිතිය මට තියෙන නිසාමත් නෙවෙයි. නිදහසේ මං අද දවසෙ ජිවත් වෙන නිසා .. කෙනෙක්ව තමන්ගෙ මතයට ගන්න උත්සහ ගන්න එපා ! ඒක හැම වෙලාවෙම සාර්ථක නැහැ. මේ කියන එක වචනයක් හරි දිරවන්නෙ නැති කෙනෙක් ඉන්නවා නම් ❝ just one click ❞ මං දන්න තරමින් remove කළාට කමක් නෑ මාව .. මොකද පපුවට එකඟව වගකීමෙන් පිට ගිහින් තර්ක කරන්න මගේ පෞද්ගලික කැමැත්තක් නෑ අවසානයට දෙයක් කියන්නම්.. දේශපාලනය සම්බන්ධව මං දාන අන්තිම post එක මේක. හැබැයි අද ඉඳන් මගේ වචන ගොඩක්ම සිංහල කම, බුදු දහම ගැන ලියවේවි .. ස්තුතියි ! . මම Ishara 📝
Posted on: Fri, 09 Jan 2015 04:04:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015