මං 2013 වසරේ පොඩි සංචාරයකට - TopicsExpress



          

මං 2013 වසරේ පොඩි සංචාරයකට ඇමරිකා ගිය වෙලාවේ දවසක හවස් වරුවේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ මෙන්ලෝ උද්‍යාන නගරයේ විලෝ පාර දිගේ ඇවිදන් සැදෑ සුවය විදිමින් ඇවිදමින් හිටියේ. හවස් වෙලා නිසා ගොඩක් මිනිස්සු රාජකාරි අවසන් කරලා ගෙවල් වලට යන්න පිටත් වෙලා හිටියේ. ඔන්න ඔය වෙලාවේ අපි හැමෝම දන්න කියන ව්‍යාපාර හිමිකාරයෙක් පොරගෙ Acura tsx 2010 වර්ගෙ කාර් එකෙන් එලියට ආවා. මාව දැක්කම මිනිහගේ ඉහේ මලක් පිපුනා වගේ. ඒ තමයි Facebook සමාජ ජාලයේ ලොක්කා. මාක් සකර්බග්. mark zuckerberg. උඹලට කියන්න, මං හාවඩ් එකට යන කාලේ පොර ෆයිනල් ඉයර් එකේ හිටියේ.ටෙස්ටට වැඩිය අවුරුදු 3 ක් වැඩිමල්. ඒ උනාට ඔය IT වැඩ නිසා මගෙ බුදු ෆිට් එක. මැන්ස්ට මාව දැක්කම අදහා ගන්න බැරි උනා. මාකා - අඩෝ ටෙස්ටා. උඹ කොහෙද බං මේ යන්නෙ? හාවර්ඩ් එකෙන් අයින් උනාට පස්සේ දැක්කෙම නෑ නෙ. මං - මං ශ්‍රී ලංකාවට ගියා බං. උඹට නං දැන් හෙන සරුයි නෙ. මාකා - මේ යමං, යන ගමන් කතා කරමු. මං - එළ. මේ කොහොමද නෝනා එහෙම සනීපෙන් ඉන්නවද? අපිට කේක් කෑල්ලක්වත් එවන්න එපා. මාකා - නෑ බං චාමෙට ගත්තා බං වෙඩිම ඉතින් ඔහොම වල් පල් කතා කර කර මමයි මාකයි උගේ ගෙදර ගියා. මම - මොකෝ වයිපරේ පේන්න නැත්තෙ? මාකා - ඔය සැලුන් එකටවත් යන්න ඇති බං. ගෑනුනෙ. අපි හම්බකරනවා උන් වියදන් කරනවා මම - මේ ඒක නෙමෙයි අපේ සැවරි, මැක්කා, ඩස්ටියා, ක්‍රිශ් සෙට් එක සනීපෙන් ඉන්නවද? මාකා - ඔව් ඔව්. අපි සෙට් එකනේ බං facebook එක හදන්න අතගැහුවේ. සෙට් එකම දැන් ඩිරෙක්ටර්ස්ලා. මේ උඹට ශෙරිල් අක්කා මතකද? මම - කොයි කෙනාද මචං? මට වැඩිය මීටර් නෑ. මාකා - ආහ් උඹ එයාව දන්නෑ. එයා තමා මගේ COO (chief operating officer). මට ඉස්සෙල්ලම එයාව හම්බුනේ 2007, ඩෑන් රොසෙස්වේග් ගේ නත්තල් උත්සවයකදී. එයා ඒ කාලේ The Washington Post Company එකේ ජේශ්ඨ විධායක නිළධාරිනියෙක් විදිහට වැඩ කර කර හිටියේ. පස්සේ 2008 ස්විස්ටර්ලන්තේ ඩාවෝස් වල තිබ්බ World Economic Forum එකෙදි අපි දෙන්නා ගොඩක් ළඟින් වැඩ කලා. පස්සේ මට හිතුනා මෙයා හොඳයි කියලා COO තනතුරට. ඒ පාර 2008 මාර්තු මාසේ එයාව මං ගත්තා. උඹට කියන්න මචං, ගෑනියේ යකා වගේ වැඩ ඇ. මම - අඩෝ තව ටිකක් කියහන්කෝ බං උඹේ ව්‍යාපාරය ගැන විස්තර. මාකා - විස්තර කියන්නේ ඉතින්, මායි සැවරියයි තමා මුලින්ම සල්ලි දාලා වැඩේට අත ගැහුවෙ. හිටපන් මං පරණ Office එකේ පින්තූරයක් පෙන්නන්නම්. මුල් මාස කීපේ විතරයි ඔතන හිටියේ. පස්සේ මචං හා හා පුරා කියලා angel investor එකෙන් 2004 ග්‍රීෂ්ම සමයෙදි, ඩොලර් ලක්ෂ 5ක් වියදන් කරලා අපෙන් 10.2% කොටස් ගත්තා. ඒ තමා මචං පිට කට්ටිය ආයෝජනය කරපු පළවෙනි පාර. පස්සේ 2005 අප්රේවල් මාසේ Accel Partnersලා ඩොලර් මිලියන 12.7ක ආයෝජනයක් කලා. පස්සේ ඉතින් දන්නෑද්ද ව්‍යාපාර ලොකේ හැටි, yahooලා, googleලා කට්ටියත් අත ගහන්න හැදුවා. උන් හැදුවේ මගේන් සම්පූර්නෙන් මේක මිලට ගන්න. අපි අහුවෙයිද බං ඔව්වට. 2005 ජූලු 19 MySpace එක වික්කානේ. ඒකයි ඒ කේස් එක මට ඇදුනෙ. මං කිව්වා Were not really looking to sell the company... Were not looking to IPO anytime soon. කියලා. සිංහයා වගේ ඕක කිව්වාම කට්ටිය ටිකක් කට අඩු කලා. පස්සේ මචං අපේ බිල් අයියා 2007 ඔක්තොම්බර් 24 වෙනිදා ඩොලර් මිලියන 240කට 1.6%ක කොටස් ගත්තා. උඹට කියන්න මචං මයික්‍රෝසොෆ්ට් එකෙන් ආයෝජනය කලාම මට හෙන සතුටක් ආවා බං. එදා රෑ ගැහුවා නල්ල වෙන්න. මම - බිල්ලා ලොකු මිනිහානේ නැද්ද බං. මේ දැන් කියක් විතර උඹ ගාව වැඩද බං.? මාකා - 5300ක් විතර වැඩ බං. මම - උඹ හිතන්නේ කීයක් විතර facebook එක පාවිච්චි කරනවා ඇත්ද? මාකා - අප්පා.... එක ඉතින් තප්පරෙන් තප්පරේ වෙනස් වෙනවා බං. මේ අවුරුද්දේ (2013) මාර්තු වෙද්දි බිලියන 1.15ක් විතර හිටියා බං. මම - මචං මෙහෙම කිව්වාට තරහ වෙන්න එපා. මේ කතාව උඹටත් ඇහිලා ඇති. මිනිස්සු facebook එක නිසා අපරාද අරහේ මෙහේ වැඩිවෙලා කියනවා. උන් අපරාද කාරයට නෙමෙයි උඹේ කොම්පැනියට තමා බනින්නේ. උඹට මොකද හිතෙන්නේ ඒ ගැන? මාකා - මචං, පාං කපන්න ගන්න පිහියෙන් මිනිහෙක්ට ඇනලා මැරුවොත්, පිහියද වැරදිකරු? අනික බං පල ඇති රුකටනේ ගල් ගහන්නේ. (දෙන්නටම හිනා) මම - අම්මට හුඩු රෑ වෙලා, මේ මං යන්න ඕනි. මාකා - අඩෝ හිටහන් බත් කටක් කාලා පලයන්. මං ගිහින් දාන් නං. මම - එපා බං, මං ටැක්සියක් ගන්නං. අපි පස්සේ නිවාඩු පාඩුවේ සෙට් වෙමුකො. අපි ගියා එහෙ නං. ඔන්න ඔහොම මං පරණ යාලුවගෙන් සමු අරන් එන්න ආවා. මොනවා උනත් ඌ හෙන ධෛරය වන්ත කොල්ලා. ඌට අවුරුදු 29 වෙද්දි මුලු ලොකෙම ඌ වෙනස් කර ගත්තානෙ. උඹලට පොඩි රහසකුත් කියන්නං. ඌ උපාධිය සම්පූර්ණ කර ගත්තේ නෑ බං. ඒ උනාට 1st class උපාධි ගහපු අය ඌ ගාව තමා වැඩ. උගේ මේ අවුරුද්දේදි වත්කම ඩොලර් බිලියන 16.8යි නයිටා. බොලා සතුටු වෙයල්ලා මාකගේ ෆිට් එකක් ශ්‍රී ලංකාවේ උඹලා අතර ඉන්නවා කියලා. හාවර්ඩ් එකේ උන්ට ජයවේවා!!
Posted on: Sat, 12 Oct 2013 11:14:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015