මැලේසියා ගුවන් සමාගමට - TopicsExpress



          

මැලේසියා ගුවන් සමාගමට අයත් තවත් ගුවන් යානයක් අනතුරට ලක්වීමට ගිය අවස්ථාවක් අනූනවයෙන් වළකා ගැනීමට හැකිවී තිබේ. මෙම අනතුර සිදුවීමට ගොස් ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ගුවන් තොටුපොළේදී ය. (Adelaide Airport) Tiger Airways ගුවන් සමාගමට අයත් යානයක් ඇඩිලේඩ් ගුවන් තොටුපොළට ගොඩ බාමින් තිබියදී මැලේසියා ගුවන් සමාගමට අයත් තවත් ගුවන් යානය ක්වාලාලම්පූර් බලා පියාසර කරවීමට නියමිතව තිබී ඇත. ඒ වන විට ත්, මැලේසියා ගුවන් සමාගමට අයත් MH136 යානය ගුවන් පථයේ මද දුරක් පැමිණ තිබිණි. එහිදී, ගුවන් පථයේ පාලකයින් වහා MH136 යානයේ නියමුවා දැනුවත් කර ඇති අතර නියමුවා වහා ක්‍රියාත්මක වී යානය නවත්වා ඇත.
Posted on: Fri, 01 Aug 2014 08:07:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015