මේ සින්දුව අන්තිමට ජාතික - TopicsExpress



          

මේ සින්දුව අන්තිමට ජාතික රුපවාහිනියේ විකාශය වූ දවස මතකද ? ... මෙවැනි නිර්මාණ ඉස්සර කොච්චර විකාශය උනාද?... (වැරදිනම් නිවැරදි කරන්න ) මදක් සිතන්න අපිව එච්චරටම එකිනෙකා කොටවන්න නෙමෙයිද මේ උත්සහ කරල තියෙන්නේ... මිඩියා එකකට පුලුවන් මේ එක සින්දුවකින් සාමය ගැන සිතුවිලි මොලයකට දාන්න වගේම ජාතිවාදය අවුස්සන්නත්.... ඉස්සර ත්‍රස්තවාදී කලබල තියෙනකන් සින්හල අපි කිවුවේ දෙමළ සින්හල මුස්ලිම් එකට සාමයෙන් ඉමු කියලා... ඒත් යුද්දේ ඉවර උනාට පස්සේ ? හැම දෙමළම කොටියා කියලා හිතන් ඉන්න තාක්කල් හැම දෙමළ මනුස්සයටම සින්හලයත් කොටියෙක්... හැම මුස්ලිම් එකාම ජිහාඩිස්ට් කෙනෙක් කියලා හිතන් ඉන්න තාක් කල් හැම මුස්ලිම් මනුස්සයටම සින්හලයා ජිහාඩිස්ට් කෙනෙක්... පරාජයෙන් වියරු වැටුන එවුන් ඔන්න කොටි එයි මෙන්න එයි කිය කියා ඉන්නේ නැතුව රටේ ඉදිරි වැඩ වලට සහයෝගය දුන්නොත් ලොකු දෙයක්... ජාතිවාදය අවුස්සන්න වීරවන්සලා අර අදිනවා... ඒකෙන් වාසිය කාටද කියලා කියන්න ඕනි නෑනේ... ඒක නිසා පරෙස්සමෙන්...!
Posted on: Sat, 10 Jan 2015 09:24:12 +0000

Recently Viewed Topics




© 2015