මේ සිවිල් ආරක්ෂක සේවයේ - TopicsExpress



          

මේ සිවිල් ආරක්ෂක සේවයේ වැඩකරන සමාජිකයින් රැවටීම පහුගිය අවුරුදු කිහිපය තුළ මොනතරම් සිද්ධ වෙලා ද විශේෂයෙන් සදහන් කරන්න ඕන 2010 මේ පිරිස ස්ථිර කරන්නවා කියලා කිව්වා රාජ්‍ය සේවයේ. 2013 විශ්‍රාම වැටුපක් දෙනවා කියලා කිව්වා. ඉතා පැහැදිලිව අපි කියනවා ජන 08 වැනිදායින් පස්සේ අපි හදන අලුත් ආණ්ඩුවෙන් අපි තමයි ඒ අය ස්ථිර කරන්නේත් අපි තමයි ‍ඒ ගොල්ලන්ට විශ්‍රාම වැටුපක් දෙන්නෙත්. පොදු අපේක්ෂකයා මේ බව පැවසුවේ, ඊයේ පස්වරුවේ අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. පසුව පැවති ජන හමුව ඇමතූ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා 2005, 2010 මැතිවරණවලදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දිනවීම සඳහා බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා කළ කැපවීම සිහිපත් කළේ ය. මහින්ද රාජපක්ෂ ජනාධීපතිතුමා දිනවන්න 2005, 2010 මැතිවරණවල බර්ටි දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ කැපවීම මට වඩා හොදින් තමුන්නාන්සේලා දන්නවා. නමුත් මේ ඓතිහාසික පුරව‍රයේදී මම වේදනාවෙන් හා කණගාටුවෙන් කියනවා මා මිත්‍ර බර්ටි මැරුණේ නැහැ බර්ටිව මැරුවා කියලා හිටන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මෙහිදී ජනාධිපතිවරයාගෙන් මෙලෙස ඉල්ලීමක් කළේ ය. අපි ඉල්ලීමක් කරනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන්, පුළුවන් නම් විනය ගැන පොඩි එකාට කියන්න කලින් ඉහළින් පටන් ගන්න විනය. මැතිවරණ නීතිය ක්‍රියාත්මක කරන්න මේ ආණ්ඩුව පුළුවන් නම් ඒ නීත්‍යානුකූලව මේ ‍වැඩේට බහින්න කියලා අපි පුළුවන් නම් ඉල්ලීමක් කරනවා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසුවේ, මේ වන විට රජය තුළ දෙදරීමක් සිදුව ඇති බව ය. අද අපි දකිනවා ඉතා විශාල දෙදරීමක් රජයේ ඇතිවෙලා. විශාල ගංගාවක් වගේ පාරක් අද හංසයාට කැපිලා තියෙනවා ඉදිරියට පීනන්න. ඉතින් මේ අවස්ථාවේ දී අපි දකිනවා මේ ගංගාව දුෂිත පාලකයා යට කරගෙන යනවා. මගෙන් උදුරාගත්ත ජයග්‍රහණය ආපහු තමුන්නාන්සේලාට ලබා දෙන්න මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විශාල කැප කිරීමක් කළා. --------------------------------------------------------------- connect with us : https://facebook/PresidentMaithripala ---------------------------------------------------------------- ✔Like it, ✔Share it
Posted on: Sun, 14 Dec 2014 06:55:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015