මතු බුදුවන ශ්‍රි සිද්ධ - TopicsExpress



          

මතු බුදුවන ශ්‍රි සිද්ධ සත් පත්තිනි දේව මෑණියනි, ඔබ වහන්සේගේ පතිවත බල මහිමය කරනකොට ගෙන පඬි රට පඬි රජු ඇතුළු සතුරන් සමූල ඝාතනය කොට මුළු ලොවට ඔබ මහිමය පෙන්වා සත්වාරයක්‌ සත් නාමයකින් ජනතා බලය පැතුරූ සත් පත්තිනි දේවියන් වහන්ස, අද ද ඔබ වහන්සේගේ ශ්‍රී නාමය සිහිපත් කරමින් අඩුක්‌කු මල් පහන් පුද දෙන අසරණ ගැත්තන්ට අනුකම්පා කර දිවැස්‌ බලා වදාරා ඔවුන්ට වැළඳී ඇති ඇස්‌වහ, කටවහ, අනවින, ලෙඩ රෝග, අතුරු ආන්ත්‍රා, ව්‍යාධි, අලපාලු, ධූරිභූත කොට ඔවුන්ගේ අඹු දරුවන්ගේ ගේ දොර, හරකාබාන, වතුපිටි, ගොවිතැන්, රැකීරක්‍ෂා මෙකී නොකී සියල්ල ආරක්‍ෂා කර ඔවුන්ගේ සියලු වියවුල්, සිත් තැවුල්, අඩුපාඩු මඟහරවා යස ඉසුර ළඟා කර දෙන මෙන් ඉල්ලා ඔබ වහන්සේගේ ශ්‍රී නාමය සිහිකර ඒ වෙනුවෙන් අප ඉදිරියේ තබා ඇති සියලු අංගයන්ගෙන් සපිරිණු මෙම දානය අප විසින් පිළිගැනීමේ හේතු කොට ගෙන ඔවුන් ලබන පුණ්‍ය කර්මයේ බල මහිමය ඔබ වහන්සේට ද අත්පත් වීමෙන් මතු බුදුවන පත්තිනි දේව ස්‌වාමීන් වහන්ස, ඔවුන් ආරක්‍ෂා කර දෙන සේක්‌වා.
Posted on: Sun, 31 Aug 2014 11:37:19 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015