රාජපක්ෂලා මාව කොල්ලකෑවා - TopicsExpress



          

රාජපක්ෂලා මාව කොල්ලකෑවා - තැන්පත් කරුවන්ව අනාථ කළා රාජපක්ෂලා විසින් තමන්ව හිරේ දමා තමන් සතුව තිබූ වත්කම් කොල්ල කෑ බව ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම විසින් සිදුකරන ඇතැයි කියන රුපියල් බිලියන 26ක් පමණ වන මූල්‍ය වංචාවට ප්‍රධාන සැකකරු වූ එවක සෙලින්කෝ සමුහයේ සභාපතිවරයා වූ ලලිත් කොතලාවල මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ කොම්පැනි 450ක් තිබුණා. සේවකයෝ 45000ක්. විදේශ කාර්යාල 15ක්. මම හොරෙක් නෙවෙයි... ඉතින් ගෝල්ඩන් කී එකට මම බැලුවම අපට ශක්තිය තිබුණා... සෙලින්කෝ සමූහ ව්‍යාපාරය බොහෝම ලෙහෙසියන් බිලියන 13ක් තිබුණා. තැන්පත්කරුවන්ගේ මුදල්. අපි අවුරුදු 3 හමාරකින් මේ බිලියන 13 ගෙවන්න අපි යෝජනා කරපු වැඩපිළිවෙළක් උසාවියට දුන්නා. අපි ගෙවන්න පටන් ගත්තා. උසාවියට ගෙනාව මිලියන 200ක චෙක්පතක්. තැන්පත්කරුවන්ගේ වරදකුත් නෙවෙයි. අපේ වරදකුත් නෙවෙයි... හිටපු ජනාධිපතිතුමාගේ කල්ලියක්... ඒගොල්ලන්ට පෙනුණා සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ වත්කම්... අපට තිබුණා මිලියන බිලියන ගණන් වත්කම්... ඒවා අසාධාරණ විදියට... කෑදරකමට පවරා ගන්න තමයි මාව හිරේට දැම්මේ... මට කිව්වේ මාව ශාරීරික ආරක්ෂාව දානව කියලා හිරේට... යනුවෙනි. තවදුරටත් ඔහු විසින් සිදු කළ අදහස් දැක්වීම පහතින නැඹිය හැක.
Posted on: Sat, 24 Jan 2015 11:12:38 +0000

Recently Viewed Topics




© 2015