වර්නන් තිසේරා මහතා - TopicsExpress



          

වර්නන් තිසේරා මහතා විසින් පල කල ලිපියකි.අපිට ඉගනගැනීමට සෑහෙන දෙයක් මෙහි ඇත.කරුණාකර කියවන්න. ඊයේ නොවැම්බර් 29 දා ඕස්ට්‍රලියාවේ අප ජීවත් වෙන වික්ටෝරියානු ප්‍රාන්තයේ මහා මැතිවරණය පැවතුනා . අවුරුදු 4 කට වරක් පැවැත්වෙන මෙම මහා මැතිවරණයට අවුරුදු 60කට පසු එක් වතාවක් (අවුරුදු 4ක්) පමණක් බලයේ සිටි Liberal පක්ෂය පරදා Labor පක්ෂය ජය ගත්තා .මෙහි පුරවැසි සැම වයස 18න් ඉහල කෙනෙක්ම චන්දය ප්‍රකාශ කල යුතු අතර සැම චන්ද මධ්‍යස්ථානයක්ම කිසිම ආරවුලක් නැතුව ජනතාව සවස 6 වෙනකම් චන්දය ප්‍රකාශ කල අතර බොහෝ ස්ථානවල චන්ද අපේෂකයෝ කොහොමද චන්ද ලකුණු කරන්නේ යන උපදෙස් පත්‍රිකා බෙදාදෙමින් සිටීමද සාමාන්‍ය දෙයක් වුනා . සවස චන්දය අවසන් වු පසු ප්‍රධාන ගුවන් වීදුලි සහ රුපවාහිනී නාලිකා මගීන් සවස 7:30 න් පසු ඒ ඒ චන්දගනන් කරන ස්ථාන වලින් ලැබෙන ප්‍රතිපල අනුව, ආසනයෙන් ආසනයට චන්ද ප්‍රතිපල ප්‍රතිශත සමග ප්‍රකාශ කරනලද අතර රාත්‍රී 9;45 වෙනකොට ප්‍රතිපල විශාල ප්‍රමාණයක් නිකුත් වූ අතර පැරදුනු Liberal පක්ෂයේ මහාමාත්‍ය (Premier) සිය ප්‍රධාන චන්ද මධ්‍යස්ථානයේ සිට ජාතිය අමතා පළමුවෙන්ම ජයගත් Labor පක්ෂයේ නායකයාට තාම කථා කර ජයග්‍රාහණයට සුබ පැතු බවත් පරාජය සහ ජනතා තීන්දුවට හිසනමමින් පක්‍ෂ නායකත්වයෙන් තමා ඉල්ලා අස්වී නවපරපුරට නව නායකයෙක් පත් කරන ලෙස ඒ මහත්මා දේශපාලකයා (ශ්‍රී ලංකාවට නුසුදුසු වචනයක් ) පැවසුවා. ඊට පසු ජයගත් Labor පක්ෂයේ නායකයා ,නව මහාමාත්‍යය වරයා සිය ප්‍රධාන චන්ද මධ්‍යස්ථානයේ සිට ජාතිය අමතා පළමුවෙන්ම පරාජය ලද මහා ඇමති වරයාට ඔහුගේ සිව් වසරක පාලන කාලයට ස්තූති කර දේශපාලනයෙන් සමුගන්නා ඔහුට සුබ පතා තම පක්ෂය දිනවු සැමට, ස්වෙච්චාවෙන් වැඩ කල සැමට ස්තුති කර ඊ ලඟ දිනයේ සිට නව රජයේ වැඩ කටයුතු ඇරඹිම පටන් ගන්නා බව සඳහන් කලා . (ශ්‍රී ලංකාවේ උපන් මීගමුවේ මරිස්ටේල්ලා ආදී සිසු ජූඩ් පෙරේරා මහතා 4 වෙනි වරටත් ජයගත් Labor පක්ෂයෙන් මන්ත්‍රී වරයෙක් ලෙස තේරී පත්වීම අපට ආඩම්බරයකි ) තව විශේෂ දේවල් කීපයක් ඊයේ රෑ10:30 වෙනකොට චන්දය අවසන් වූ පසුත් , ප්‍රතිපල නිකුත් කරන කාලය තුලත් අද දවස තුලත් කිසිම තැනක ගිනිකෙළි, රතිඤ්ඤයක් පත්තු වුනේ නැහැ කිසීම ගෙයක් ,ගොඩනැගිල්ලක් චන්ද දිනාපු පක්‍ෂ සාමාජිකයෝ ගිහින් හානී කලේ හෝ කරන්නේ නැහැ . අදත් , ගිය සුමානේ වගේම,හෙටත් අනිද්දාත් සාමාන්‍ය දවස්.කාටවත් ස්ථාන මාරුවීම් නැහැ පලිගැනීම් නැහැ .වසර 2500ක පම්පෝරිය උලච්චී කරන සකල සිරින් පිරී ශ්‍රිලංකාවේ සහ සුළු ඉතිහාසයක් ඇති ඕස්ට්‍රලියාවේ වෙනස මෙන්න . ( ශ්‍රිලංකාවේ මධ්‍ය මහත්වරුනි පුළුවන් නම් මේක පොල්ගෙඩි අකුරෙන් පල කරන්න ඔබ පුවත් පත්වල)
Posted on: Sun, 30 Nov 2014 06:02:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015