හේමකුමාර් නානායක්කාර - TopicsExpress



          

හේමකුමාර් නානායක්කාර මහතා විසින් රචිත මේ සොඳුරු කව මෙසේ සිංහලට පෙරලන්ට සිතුවෙමි. මුදු සුසුදු කැකුළකි ආදරය ================= මුදු සුසුදු කොඳ කැකුළෙකි පිපෙන හැම හද විලෙක නිති සුවඳ දෙන මනකල් දිවි සැරිසරෙහි නිවා ගිම් මල් පිපෙන වසත් කලද ගිනිගත් ගිම්හානයේ වුව සීත හිම මිදෙන සිසිරයෙත් කිසිවිටෙක පර නොවෙන වසන්තයේ නැවුම් මිහිරෙන් ඔකඳවී දිදුලු දෙන ගිම්හාන උණුහුමෙන් නොදැවී තව තවත් වෑයමෙන් පුබුදුවන සීත සරත් හා සිසිර සමයේ වුව නොසැන්ගී විකසිතව හිනැහෙන මුදු සුසුදු කැකුළකි ආදරය යුග දිවිය එහි ඵලය වේ මිහිරිතම ජීවිතය සදාකල් රැක දේවි ඒ පළින් පල දරන දරු කැළ
Posted on: Wed, 05 Nov 2014 15:44:22 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015