SLT හි ඉබි www නොහොත් ADSL මුලාව - TopicsExpress



          

SLT හි ඉබි www නොහොත් ADSL මුලාව හා TRC හී 64kbps Broadband කාලෙකින් බ්ලොග් එකක් ලිවුවෙත් නෑ, නමුත් මෙය ලිවිය යුතු කාලය පැමිණ ඇත. දැනට SLT නොහොත Sri Lanka Telecom, නැතිනම් ඔවුගේ මෝඩ වෙළද දැන්වීම අනුව www විසින් ග්‍රහකයන් මුලාකිරීමක් ආරම්බ කර ඇත. එහම් මුලාකිරීම නම් කිසිදු දැනුම් දීමක් නොමැතිව හෝ අනුමැතියක් TRC වෙනි නොමැතිව (එසේ අනුමැතියක් ඇතිනම් එය සියලුම පාරිබෝහිකයන්ට දැනුම් දිය යුතුයි.) වැඩිපුර download කරන පැරණි Unlimited ADSL package ඇති අයගේ වේගයන් අඩු කිරීමයි. පැරණි පැකේජ ගන්නා විට කිසිම කෙනෙකුට FUP (Fare User Policy) එකක් හෝ මෙවැනි වේග අඩුකිරීමක් කරන බව කියා නොමැත. මෙය කරන්නේ හොර රහසේය. ඉහත දැක්වෙන්නේ ADSL 4Mbps Unlimited කියන පැකේජයක ලංකාවේ සිට ඇමරිකාවට (NY) ලැබෙන වේගයන්. කෙනෙකුට කියන්න පුලුවන්, මේක SLT පාලනයෙන් තොර International Bandwidth (ලංකාව හා ඇමරිකාව අතර තියන සම්බ්න්දය) හෝ speediest කරන අඩවියේ ගැටලුවක් කියලා.
Posted on: Mon, 17 Feb 2014 19:19:19 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015