අවුරුද්දකට කලින් අපිම - TopicsExpress



          

අවුරුද්දකට කලින් අපිම ගෙනාපු concept එක (දැන් ඉස්කෝල අතරේ trend එක වුන) නැති වෙන්න නොදී දෙවෙනි වතාවට සහ ගොඩක් දුරට අන්තිම වතාවට මම චතුර්මාන 2014 සඳහා තේමා ගීතය නිර්මාණය කලා. කම්පියුටර් එකේ hard disk එක පිච්චිලා project නැතුව අන්තිම මොහොතේ බොහොම අමාරුවෙන් ගොඩ දාගත්තත් වැඩේ අවුලක් නෑ කියලා හිතනවා. මාත් එක්ක ගායනයෙන් සුපුරුදු පරිදි Anushkaත්.. වීඩියෝ එක ගිය පාර වගේම ඊට වඩා ලස්සනට, සරලව කියනවා නම් සුපිරියට Kavinga කරා.. වැඩියම කතා බහට ලක් උනේ නැතත්, මම පොරක් නොවුනත් චතුර්මාන 2014 ලස්සන වෙන්න මම කරපු දේ ඔන්න අද හවස මම Youtube දැම්මා.. ප.ලි : මම මේක කරේ මාව හිට් වෙනවාටවත්, මට ප්‍රමෝට් වෙන්නවත්, මූන පෙන්න ගන්නවත් නොවන බව කරුණාවෙන් සලකන්න. ඉස්කෝලෙට මට කරන්න පුලුවන් දේ මම පුලුවන් උපරිමයෙන් කලා විතරයි. ඒ ඇරෙන්න මට අනේ උඹ පොරක්.. ඔයා මාරයි අයියෙ වගේ කතන්දර කාගෙන්වත් අහගන්න ද උවමනාවක් නැත. මොකද මම ඉස්කෝලෙ ඉන්න කල් සංගීත ගුරුවරුන්ට මාව පෙනුනෙ නැත.. පෙනුන එක‍්කෙනෙක්ටද මාව වහ කදුරු වගේ විය.. දැකපු දෙයක් නිසා දැනුනු ලොකු හිත් රිදීමක් නිසා දැමූවකි..
Posted on: Mon, 10 Nov 2014 16:17:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015